Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

අනුරාධපුර දළදා පෙරහර

අනුරාධපුර ඓතිහාසික දළදා පෙරහර 16 සහ 17 දිනවලදී වීථි සංචාරය කෙරේ.

අනුරාධපුර අටමස්ථානාධිපති පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගේ අනුශාසනා පරිදි අලි ඇතුන් සහිත උඩ පහත දෙරට සංස්කෘතිකාංග සමග එම පෙරහර සංවිධානය කරනු ලබන්නේ උතුරුමැද පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය බර්ටි පේ‍්‍රමලාල් දිසානායක මහතා ප්‍රමුඛ දළදා පෙරහර කමිටුව විසිනි. ශ්‍රී දළදා වහන්සේ ලංකාවට වැඩම කරවා ඉසුරුමුණිය රජමහා විහාරස්ථානයේ තැන්පත් කිරීමෙන් අනතුරුව ඒ බව දැන ගත් එවකට අනුරාධපුරය පාලනය කළ කිත්සිරි මෙවන් රජතුමා විසින් දළදා වහන්සේ රජමාලිගාවට වැඩම කරවා ඉන් අනතුරුව මාස හයක කාලයක් තිබූ දළදා වහන්සේ අභයගිරිය විහාරස්ථානය කරා වැඩම කරවන ලදී.

එම දළදා වහන්සේට කරන ලද පූජා පෙරහර සිහිකරමින් මෙම දළදා පෙරහර වාර්ෂිකව පවත්වනු ලබයි. අභයගිරි විහාරස්ථානය චෛත්‍ය කේන්ද්‍ර කරගෙන ඉතා සුළුවට පැවැත්වූ පෙරහර අංග සම්පූර්ණ පෙරහරක් බවට පත්කරමින් මීට වසර 11 කට ප්‍රථම අනුරාධපුර ඓතිහාසික දළදා පෙරහර ආරම්භ කරන ලදී. 16 වන දින අනුරාධපුර ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ අබියස සිට මාලිගාව කරා ගොස් එහිදී පූජා පවත්වනු ලැබේ.

අභයගිරි චෛත්‍ය කරාගමන් කරන එදින පෙරහර එහිදී ගෙවදීමට නියමිත ය.

17 වන දින රාත්‍රී ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ අබියස සිට ශ්‍රී මහා බෝධි මාවත, සිංහ කණුව, මාර්කට් මන්දිරය, බැංකු ටවුම, පොලිස් වට රවුම, ජයන්ති මාවත, ඔස්සේ ගමන්කර කුරුණෑගල හන්දියෙන් ජය ශ්‍රී මහා බෝධිය වෙත ගොස් පෙරහර ගෙවදීමට නියමිතයි.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.