Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

කතරගම ඇසළ පෙරහර

රුහුණු කතරගම මහාදේවාලයේ අවසාන රන්දෝලි මහා පෙරහර මෙම 18 වන දා පැවැත්වේ. 19 වනදා මැණික් ගඟේ දියකැපීමෙන් ඇසළ පෙරහර කටයුතු අවසන් වේ.

පෞරාණික චාරිත්‍ර පුදසිරිත් වලට මුල්තැනක් දෙමින් උඩරට, පහතරට, සබරගමුව හා රුහුණු ප්‍රදේශයට ආවේනික නැටුම් වලින් ද අලි ඇතුන්ගෙන් ද යුතුව ඉතාමත් අලංකාර ලෙස පෙරහර පැවැත්වීමට ජනාධිපති පෞද්ගලික ලේකම් රුහුණු කතරගම මහාදේවාලයේ බස්නායක නිලමේ තැන්පත් ශෂීන්ද්‍ර කුමාර රාජපක්‍ෂ මහතා කටයුතු සම්පාදනය කර ඇත. ඇසළ පෙරහර ගමන් කරන මහාවිදීය, පිටවීදිය, වෙහෙර වීදිය යන විදී වර්ණවත් විදුලි බුබුළු වලින් ආලෝකමත් කර බෞද්ධ කොඩිවලින් සරසා ඇත. කතරගම පුදබිමට පැමිණ බැතිමතුන්ට අවශ්‍ය පහසුකම් සැලසීමට මොණරාගල දිසාලේකම් හා කතරගම ඇසළ පෙරහර කැඳවුම් භාර නිලධාරී එම්.බී. දිසානායක මහතා කටයුතු සම්පාදනය කර ඇත. රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල සහයෝගයද ඇතිව සාර්ථකව ඇසළ පෙරහර පැවැත්වීමට කටයුතු සූදානම් බව කතරගම ප්‍රාදේශීය ලේකම් ටී.ටී.එම් අතපත්තු මහතා ප්‍රකාශ කළේ ය.

ඇසළ පෙරහර සඳහා පුදබිමට පැමිණෙන බැතිමතුන්ට පූර්ණ ආරක්‍ෂාව සලසා ඇති බව කතරගම පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක ලක්සිරි චන්දිමාල් මහතා ප්‍රකාශ කරයි.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.