Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ශ්‍රී දළදා සමිඳු තේවාව මල්වතු මහා විහාරයෙන් අස්ගිරි මහා විහාරයට

මහනුවර දළදා මාලිගාවේ ශ්‍රී දළදා සමිඳු උදෙසා දළදා තේවා සිදුකිරීම මල්වතු මහා විහාරයෙන් අස්ගිරි මහා විහාරයට පැවිරීමේ මුරමාරු වීමේ චාරිත්‍රය ඇසළ පුර පසළොස්වක පෝය දින පැවැත්වේ.

පසුගිය වසරේ ඇසළ පෝදා සිට මෙම වසරේ 2008 ඇසළ පෝය දින තෙක් ශ්‍රී දළදා සමිඳු උදෙසා දළදා තේවාව සිදුකළ මල්වතු පාර්ශ්වයේ මහා නාහිමියන් ප්‍රධාන තේවාව සිදු කළ මල්වතු මහා විහාරයේ මහා සංඝරත්නය විසින් තේවාව අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහානාහිමියන් ප්‍රධාන තේවාවට පත්වී ශ්‍රී දළදා මාලිගාවට වඩින අස්ගිරි මහා විහාරයේ මහා සංඝරත්නයට බාරදීම ඇසළ පෝයදිනට පසුදින පැවැත්වීම චාරිත්‍රය වේ. එම අවස්ථාවට මල්වතු අස්ගිරි මහා නාහිමිවරු ප්‍රධාන අනුනාහිමිවරු ලේඛකාධිකාරී හිමිවරු දෙනම ඇතුළු මහා සංඝරත්නය සහ ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ තුමා ප්‍රධාන ශ්‍රී දළදා මාලිගාවේ කාර්ය මණ්ඩලයත් තේවාභාර මණ්ඩලයත් සහභාගිවෙනු ඇත.

ශ්‍රී දළදා මාලිගාවේ තේවාවට වඩින අස්ගිරි මහා විහාරයේ මහා සංඝරත්නය ශ්‍රී දළදා මාලිගාවේ වස් එළඹ වැඩ සිටින අතර වස් ආරාධනාවද මෙදින දියවඩන නිළමේ තුමා විසින් සිදු කිරීම චාරිත්‍රය වේ.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.