Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය - බොදු පුවත් (ඡායාරූප)

බොදු පුවත් (ඡායාරූප)
 

කතරගම කිරිවෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය ආලෝකවත් වෙයි

ශ්‍රී ලංකාවේ ඉතා වැදගත් පූජනීය ස්ථාන දෙකක් වන කතරගම කිරිවෙහෙර හා රුහුණු මහා කතරගම දේවාලය ඇසළ උත්සව සමය නිමිත්තෙන් කඳානේ සීමාසහිත ස්වදේශී කර්මාන්තායතනය විසින් ආලෝකවත් කෙරේ. ජූලි 03 දින සිට ජූලි 18 වන දා දක්වා පවත්වන එම ආලෝක පූජාවට ස්වදේශී සමාගම අනුග්‍රහය දක්වන්නේ සත් වන වරට ය. ආලෝකවත් වූ කතරගම කිරිවෙහෙර චෛත්‍යරාජයාණන් වහන්සේ සහ කතරගම දේවාලය.

බේරුවල ප්‍රාදේශීය සභාවේ සභාපති පියල් නිශාන්ත ද සිල්වා මහතා ඇතුළු එම ප්‍රාදේශීය සභාවේ නිලධාරීන් විසින් පයාගල විමලා වැඩිහිටි නිවාසයෙහි පැවැත්වූ දානමය පින්කමේ දී බේරුවල ශාසනාරක්‍ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරී මාගල් කන්දේ ධම්මානන්ද හිමියන් ධර්ම දේශනාව පවත්වන ලද අවස්ථාව ඡායාරූපයෙන් දැක්වේ.
ඡායාරූපය - සරත් සිරිවර්ධන කළුතර දිස්ත්‍රික් සංචාරක

ඇමෙරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියා ප්‍රාන්තයේ ඔක්ස්නාඩ් හි පිහිටි සරත්චන්ද්‍ර බෞද්ධ මධ්‍යස්ථානයට බුරුමයෙන් වැඩම කරවන ලද බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවණය කරන ලද අවස්ථාව, මේ ඡායාරූපයෙන් දැක්වෙයි. ඡායාරූපය සහ විස්තර - යලගලගේ ජයන්ත පීරිස්

 

© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.