Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

මාතලේ දිසා ශාසනාරක්ෂක බල මණ්ඩලයේ

ප්‍රධාන සභාපති තනතුරට ලෙනදොර සෝරත හිමි

මාතලේ දිස්ත්‍රික් ලේකම් ගාමිණි සෙනවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය ජුනි මස 24 වන දින මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පවත්වන ලද දිස්ත්‍රික් ශාසනාරක්ෂක බල මණ්ඩල රැස්වීමේ දී ඉදිරි වසර හතරක කාලය සඳහා මාතලේ දිසා ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ප්‍රධාන සභාපති තනතුර සඳහා නිලන්නෝරුව පුරාණ විහාරය මනන්වත්ත ශ්‍රී බෝධිරාජ විහාරය එබ්බාවල ශ්‍රී සීලරතනාරාමය යන විහාරයන්හි අධිපති ශාස්ත්‍රපති ලෙනදොර සෝරත හිමියන් මාතලේ ප්‍රදේශීය ශාසනාරක්ෂක මණ්ඩලයන්හි සභාපති හා ලේකම් ස්වාමීන් වහන්සේලාගේ ඒකමතික තීරණයයෙන් තෝරා පත්කර ගන්නා ලදී.

උන්වහන්සේ දැනට පල්ලේපොල ප්‍රදේශීය ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ප්‍රධාන සභාපති තනතුර උසුලන අතර රාජ්‍ය සේවයට සම්බන්ධ වී විදුහල්පති ස්වාමීන්වහන්සේ නමක් ලෙසත් ගුරු උපදේශක ජ්‍යෙෂ්ඨ ගුරු උපදේශක විෂය භාර සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ පල්ලේපොල කොට්ඨාස භාර සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ වශයෙන් කටයුතු කර නොබෝදා විශ්‍රාම ලැබූහ. ඓතිහාසික මාතලේ ග්‍රන්ථ සම්පාදක මණ්ඩලයේ සාමාජිකත්වය දරන ලෙනදොර සෝරත ස්වාමීන් වහන්සේ ග්‍රන්ථ කතුවර ස්වාමීන් වහන්සේ නමක් ලෙසත් පුවත්පත් සඟරා ආදියට නිරන්තරව ලිපි සපයන ප්‍රසිද්ධ ලේඛක ස්වාමීන්වහන්සේ නමක් ලෙසත් ගිහි පැවිදි දෙපක්ෂයේම ගෞරවයට පාත්‍රව සිටිති.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.