Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ගිඩ්ඩව සුමනතිස්ස නා හිමියෝ මහෝපාධ්‍ය පදවියෙන් පිදුම් ලබති

සියම් මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහානායක උඩුගම ශ්‍රී රතනපාල බුද්ධරක්ඛිත මහනාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් අස්ගිරිය මහා විහාරයීය උපෝෂථාගාරයේ දී පවත්වන ලද සංඝ සභා රැස්වීමේදී අස්ගිරි පාර්ශ්වයේ මහෝපාධ්‍ය පදවියට, හල්ඔළුව පල්ලේගම ඓතිහාසික සෙල්ලාවලි රජමහ විහාරයේ හාරිස්පත්තුව අලවතුගොඩ දිප්පිටිය පුරාණ බෝධිමළුව විහාරයේ අධිපති අස්ගිරි පාර්ශ්වයේ හාරිස්පත්තුව ප්‍රධාන සංඝනායක පණ්ඩිත ගිඩ්ඩව සුමනතිස්ස නාහිමියෝ පත්කරන ලදී.

හාරිස්පත්තුව ප්‍රදේශයේ ශාසනා රක්ෂක මණ්ඩල කිහිපයකම ලේඛකාධිකාරි වශයෙන් අවස්ථා කීපයකදීම සේවය කර දහම් පාසල් අධ්‍යාපන කටයුතු දියුණු කිරීමට මූලිකව කටයුතු කර ඇති ගිඩ්ඩව සුමනතිස්ස නාහිමියෝ අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ, නුගවෙල හල්ඔළුව මධ්‍ය මහා විදුහල්වලත් මහනුවර ධර්මරාජ විද්‍යාලයේත් දශක හතරකට ආසන්න කාලයක් ධර්මාචාර්යවරයකු ලෙස සේවය කර ඇත. ධර්ම විනයධර බහුශ්‍රැත සංඝපීතෘවරයන් වහන්සේ නමකි.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.