Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

අධි සිල් ලබති

හඟුරන්කෙත මාදන්වල ශ්‍රී ධර්මෝදය මහ පිරිවෙණේ උසස් අධ්‍යාපනය ලබන උඩුහාවර ඉන්ද්‍රසිරි සාමණේර භික්ෂුව ජුලි 5 වැනි දින විදුරුපොළ ශ්‍රී සුමංගලාරාමස්ථ විසුද්ධ බද්ධ සීමා මාලකයේදී අධිසිල් ලබති.

උන්වහන්සේ ඌව පරණගම උඩුහාවර ශ්‍රී විජයාරාමයේ මැදවෙල විජයනන්ද උඩුහාවර සීලානන්ද, උඩුහාවර මහින්ද, උඩුවාහර ඤාණින්ද යන හිමිවරුන් ගේ ශිෂ්‍ය හිමිනමක් වෙයි. ඒ හිමියෝ ඌව පරණගම උඩුහාවර බෝගහරාමත්තේ ඇල්. එම්. ජයසේකර සහ එච්. එම්. කරුණාවති යන දම්පතින්ගේ පුත්‍ර රත්නය වෙති.

--------------------------------------------------------------------------------

ඇඹිලිපිටිය පදලංගල වෙහෙරගොඩැල්ල පුරාණ රජමහා විහාරාධිපති කඩිගමුවේ චන්ද්‍රසිරි හිමියන්ගේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය ජුලං නැමේ ලංකානන්ද හිමි මල්වතු මහා විහාරස්ථ මංගල උපෝෂථාගාරයේදී ඉකුත් 12 වනදා උපසම්පදාවට පත්වී මට නියමිතව තිබුණි.

--------------------------------------------------------------------------------

නාගොල්ලගොඩ - අඹගහගෙදර ශ්‍රී බෝධිරාජාරාමාධිපති මහ උඩවෙල ඤාණරතන හිමියන්ගේ ශිෂ්‍ය උල්පතගම අමිතරතන සාමණේරයන් වහන්සේ මෙම 5 වැනිදා පොල්ගහවෙල මාඔයේ ඉදිකරන ලද උදකුක්ඛේප සීමාවේදී උසම්පදා ශීලයෙහි පිහිටවනු ලබති. උන්වහන්සේ දැනට කුලියාපිටිය - කනදුල්ල ශ්‍රී ධර්මරාජ මහා පිරිවෙන්හි ඉගෙනුම ලබති.

උල්පතගම පදිංචි කේ.පී.ජී. පියසේන මහතා සහ ඒ.පී. ජී. සෝමාවති මහත්මිය මව් පිය දෙපළ වෙති.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.