Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ගිරිභණ්ඩ පූජාව මෙවරත්

ගෝනපල තලගල මංගලාරාමයේ ශ්‍රී සිද්ධාර්ථ පදනම ගිරිභණ්ඩ පූජාව මෙවර ද සිදුකිරීමට කටයුතු යොදා ඇත. එම පින්කම අගෝස්තු 24 වන දින මංගලාරාමාධිපති තලගල සුමනරතන නාහිමියන්ගේ මෙහෙයවීමෙන් සිදු කැරේ. එම ගිරිභණ්ඩ පූජා පින්කම පසුගිය වසරවලදී තන්තිරිමලේ, විලච්චිය කොට්ඨාසවල විහාරස්ථාන සඳහා සිදු කරන ලදී. මෙවර පින්කම පොළොන්නරුව දිස්ත්‍රික්කයේ දිඹුලාගල හා වැලිකන්ද කොට්ඨාස දෙකට අයත් විහාරස්ථාන 110 ක් සඳහා සිදු කිරීමට තීරණය කර ඇත.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.