Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

කොස්සින්නේ රතනජෝති හිමියෝ ශාසනාරක්ෂක මණ්ඩලයේ ලේඛකාධිකාරි ධූරයට

කැකිරාව ශාසනාරක්ෂක මණ්ඩලයේ නව ලේඛකාධිකාරි ධූරයට මහවැලි සූර්යගම ශ්‍රී සුමංගලාරාමාධිවාසී ශාස්ත්‍රවේදී කොස්සින්නේ රතනජොති හිමියෝ තේරී පත්වූහ.

කලාකරබෑව ශ්‍රී විද්‍යාධාර මහ පරිවෙනේ ආචාර්ය වරයෙක් වශයෙන් සේවය කරන උන්වහන්සේ කැකිරාව ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරී ධුරයට දෙවතාවක් ම පත් වී කටයුතු කළහ.

ප්‍රදේශයේ සමිති සමාගම් හා ස්වේච්ඡා සංවිධාන කීපයක නිලතල දරමින් ප්‍රදේශයට ආගමික හා සමාජයීය වශයෙන් මහඟු සේවයක් ඉටුකරන හිමියෝ සූර්යෝදය දහම් පාසලේ ප්‍රධානාචාර්ය හිමියන්ද වෙයි.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.