Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

2500 බුද්ධ ජයන්ති සැමරුම් කාසි අලෙවි කරයි

2500 බුද්ධ ජයන්තිය සැමරීම වස් එම වර්ෂයේදී මුහුණත වටිනාකම රු. 5 ක් වූ සැමරුම් කාසි මුද්‍රණය කරන ලදී. බුද්ධ ශාසනයේ චිරස්තිය අරමුණු කොටගෙන පිහිටුවා ඇති බුද්ධ ශාසන අරමුදලට රු. 25,000,00 ට වැඩියෙන් පරිත්‍යාග කරන පරිත්‍යාගශීලින්හට මෙම සැමරුම් කාසි ලබා දෙන ලදී. දැනට මෙම කාසි 1128 ක් ඉතිරිව ඇත. මෑතකදී ශ්‍රී ලංකා මහා බැංකුවේ ව්‍යවහාර මුදල් ඒකකය මගින් මෙම කාසිවල භෞතික වටිනාකම පිළිබඳ තත්‍ය වාර්තාවක් ලබා ගන්නා ලද අතර එම වාර්තාව අනුව එක් කාසියක අඩංගු රිදිවල භෞතික වටිනාකම රු 1600.00 ක් බවට තක්සේරු කර ඇත.

මෙම සැමරුම් කාසි 2500 බුද්ධ ජයන්තිය සැමරීමේ සිහිවටනයක් ලෙස තබා ගැනීමට උනන්දුවක් දක්වන අයට හා පැරණි කාසි එකතු කරන අයට මෙම කාසිවල භෞතික වටිනාකම වන රු 1600.00 වටිනාකමට එක් අයෙකුට එක් කාසිය බැගින් ලබාදීමට බුද්ධ ශාසන අරමුදලේ පාලක මණ්ඩල විසින් අනුමැතිය ලබා දී ඇත.

ඒ අනුව එම කාසි භෞතික වටිනාකමට ලබා ගැනීමට උනන්දුවක් දක්වන අයට නො. 115, . විජේරාම මාවතේ පිහිටා ඇති ආගමික කටයුතු හා සදාචාර වර්ධන අමාත්‍යාංශයේ බුද්ධ ශාසන අංශයෙන් ලබා ගත හැකි බව කියයි.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.