Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

රට වටා පින්කම්


කොම්පෙයාහේන පොසොන් පෝදා පින්කම

හෝමාගම පනාගොඩ කොම්පෙයාහේන භාවනා මධ්‍යස්ථානයේ දී පොසොන් පෝදා පින්කම් රැසක් සිදු කැරේ. එදින පෙරවරු 6.30 සීල සමාදානය මෙහෙයවීම කළුතර සරද හිමි 8.15 – 9.15 දහම් දෙසුම නොච්චියාගම ඉන්දරතන හිමි. 9.30 – 10.30 භාවනාව මෙහෙයවීම නිලන්ත බමුණුආරච්චි මහතා 10.30 – 11.30 දහම් දෙසුම කොළඹගෙආර යසස්සී හිමි, 11.30 බුද්ධ වන්දනාව පස්වරු 2 – 3 දහම් දෙසුම සහකාර කථිකාචාර්ය කුඩාකන්නෝරුවේ විනීත හිමි, 3.15 – 4.15 දහම් දෙසුම ජුලම්පිටියේ ශාසනධම්ම හිමි, 4.15 – 5.15 ගිහි දෙසුම ආචාර්ය ඒ.ඒ. ජයන්ත ජයසිරි මහතා 5.15 – 6.15 බෝධි පූජාව.

හබරකඩ ධර්ම විජයාශ්‍රමයේ බුද්ධ ප්‍රතිමා වහන්සේ 23 වැනිදා නිරාවරණය කැරේ

හබරකඩ ධර්ම විජයාශ්‍රමයේ අභිනව දහ අට රියන් බුද්ධ ප්‍රතිමා වහන්සේ (හිටි පිළිමය) මෙම 23 වැනිදා පෙරවරුවේ නිරාවරණය කැරේ. ඒ නිමිත්තෙන් 21, 22, 23 දිනවලදී එම විහාරස්ථානයේ දී පින්කම් මාලාවක් විහාරාධිපති දිවිතුරේ පඤ්ඤාකිත්ති හිමියන්ගේ අනුශාසනා පරිදි පැවැත්වේ. (සිරිසේන දෙහිගස්පිටිය මහතාගේ හා ස්වර්ණමාලා විජේවර්ධන මහත්මියගේ ධන පරිත්‍යාගයෙන් එම දෙපළගේ පුත් නුවන් ළහිරු දෙහිගස්පිටිය තරුණ මහතා සිහිපත් කරමින් ඉදි කළ එම බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කැරෙන්නේ, සිරිසේන දෙහිගස්පිටිය මහතා අතිනි. මෙය ප්‍රතිමා නිර්මාණ ශිල්පී නිශාන්ත සමරනායක මහතාගේ නිර්මාණයකි.

විදර්ශනා භාවනා හා දේශනා

මිනුවන්ගොඩ අභිධර්මාචාර්ය ඊ.ඒ. පියරත්න මහතා විසින් සෑම පුර පසළොස්වක පොහොය දිනකම පවත්වාගෙන එනු ලබන “ විදර්ශනා භාවනා හා දේශනා ‘’ වැඩ සටහන පොසොන් පුර පෝදා පහත සඳහන් විහාරස්ථානයන්හිදී පැවැත්වේ. එදින පෙරවරු 8.30 - 10.30 රාගම, මත්තුමගල පරාක්‍රමපාර බෞද්ධාලෝක විහාරස්ථානයේදී මාපිටිගම සෝභිත නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් ද පස්වරු 12.30 - 2.30 ගම්පහ, බටහිර උග්ගල්බොඩ ශි‍්‍ර සුසිලාධාරාරාමයේදී වැල්හේනේ ඤාණරතන නාහිමියන්ගේ අනුශාසකත්වයෙන්ද 2.30 - 4.30 දෙවලපොල, මාකලන්දන ශ්‍රී ඉන්ද්‍රවංශාරාමයේදී මන්දාරම්නුවර සුමනවංශ නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් හා 4.30 6.00 දෙවලපොල ගල්ලෙගෙදර ශ්‍රී සාක්‍යසිංහාරාම යේදී අලුත්නුවර සීවලී නාහිමියන්ගේ අනුශාසකත්වයෙන්ද එම වැඩසටහන පැවැත්වේ.

කොළඹ තරුණ බෞද්ධ සංගමය

කොළඹ තරුණ බෞද්ධ සංගමයේ දී පොසොන් පෝදා දවස පුරා පින්කම් රැසක් සිදු කැරේ. ඊට දාන, සීල, භාවනා ඇතුළත් වේ.

හෝමාගම පොසොන් පෙරහර 21 දා

හෝමාගම පොසොන් පෙරහර පුරාණ විහාරාධිපති මාදෝවිට පඤ්ඤාකිත්ති නාහිමියන්ගේ අනුශාසනා පරිදි ශ්‍රී මහින්දෝත්සව සමිතිය 47 වන වරටත් සංවිධානය ලද්දකි. හෝමාගම ප්‍රාදේශීය සභාව හෝමාගම සම්බුද්ධ ජයන්ති පදනම ආයතන වල අනුග්‍රහයෙන් මහා මහින්ද පූජෝත්සව සමිතිය තරුණ බෞද්ධ සමිතිය හා කුළඟන සමිතිය සිරි සීවලී දහම් පාසල ද හෝමාගම පෙරහරට දායකත්වය සපයති.විවිධ සංස්කෘතිකාංග වලින්ද පංච තූර්ය නාදයෙන්ද සුසිරි හෝමාගම පොසොන් පෙරහර ස¼ඳහා අලි ඇතුන් ද සහභාගි වේ.

කළුගමුවේ පොසොන් දන්සල මිහින්තලේ මැදමළුවේ දී

තලවත්තේ ගෙදර, කළුගමුවේ මහින්ද තරුණ බෞද්ධ සමිතිය මගින් පොසොන් පුර පසළොස්වක් දින වාර්ෂිකව මිහින්තලේ මැදමළුවේ පවත්වනු ලබන පොසොන් දන්සල මේ වර්ෂයේ ද 38 වෙනි වරටත් පැවැත්වේ.

පොසොන් පුර පෝදා රාත්‍රී 9.00 සිට කොත්තමල්ලි පැණින් ද අලුයම 4.00 සිට තේ කෝපි වලින්ද සංග්‍රහ පැවැත්වේ. පුර පසළොස්වක් දින පෙ.ව. 8 සිට දවල් 2 දක්වා සව්කැඳ සංග්‍රහයෙන් ද එදින රාත්‍රී 9.00 සිට අලුයම 4 දක්වා කොත්තමල්ලි පැණින් ද අලුයම 4 සිට තේ සහ කෝපි සංග්‍රහයක් ද පවත්වනු ලැබේ. එම දෙදිනේම හීල් දානය, දවල් දානය සම සැන්දෑ ගිලන්පස බුද්ධ පූජා ද පැවැත්වේ.

කළුතර ශාන්ත පදනමෙන් පින්කම්

පොසොන් උත්සවය නිමිත්තෙන් කළුතර ශාන්ත පදනම සංවිධානය කරන “සියලු සිත් අඳුරින් මිදේවා!” යන පැතුමින් උතුරු කළුතර ශ්‍රී කල්‍යාණ ධර්ම ආශ්‍රමයේ දී පොසොන් මස 19 වෙනි බ්‍රහස්පතින්දා පවත්වනු ලබන 84 දහසක අධිෂ්ඨාන ආලෝක පූජාව හා කිරිබත්ගොඩ බෞද්ධ මධ්‍යස්ථාන විහාරාධිකාරී ගාල්ලේ කුමාර කාශ්‍යප නාහිමියන් විසින් මෙහෙය වන විශේෂ බෝධි පූජාව එදින සවස 5.30 ට ආරම්භ වේ. ආචාර්ය චන්දන ජයරත්න මහතාගේ සහභාගීත්වය ඇති මෙත් සෙවණ නිර්මාංශ ආහාර ව්‍යාප්තිය, පන්සිල්හි පිහිටිවීමේ අගය, විදහාපාන වියත් වදන් හා පෑදි ප්‍රදර්ශනයකින් ද එය සමන්විතය.

හම්බන්තොට

විතාරන්දෙණියේ වජිරවංස හිමියන්ගේ අනුශාසනා පරිදි හම්බන්තොට අඩි 100 පාරේ නව ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේදී පොසොන් පොහොය නිමිත්තෙන් පින්කම් මාලාවක් පැවැත් වේ. පොසොන් පෝදා උදෑසන මල් පෙරහරක් දවල් ආහාර බුද්ධ පූජාවක්, සවස කාව්‍යමය ධර්ම දේශනාවක් හා රාත්‍රී‍්‍ර කාලයේ හමුදා රණවිරුවන්ට ආශිර්වාද පතා පහන් පූජාවක්ද පැවැත්වේ.

පන්නල ශ්‍රී දේවරාජාරාමය

පන්නල ශ්‍රී දේවරාජාරාමයේදී මෙම දවස පුරා පින්කම් රැසක් පොසොන් පොහොය නිමිත්තෙන් සිදු කැරේ. යාපහු රජමහා විහාරාධිපති හා පන්නල ශ්‍රී දේවරාජාරාමාධිපති තම්මිට පියනන්ද හිමියන්ගේ අනුශාසකත්වයෙන් එම පින්කම් පැවැත්වේ. පෙරවරු 6.00 සිල් සමාදන් කරවීම , 6.30 ට අටවිසි බුද්ධ පූජාව. 8 – 9. 30 ධර්ම දේශනාව , 11 දවල් අටවිසි බුද්ධ පූජාව, පස්වරු 1 - 3 භාවනා වැඩසටහනක් . රාත්‍රී 7.30 ට අටවිසි බුද්ධ පූජාව මොරගොල්ලේ විජිත හිමියන් විසින් පවත්වනු ලැබේ.

මාතර තරුණ බෞද්ධ සමිතිය

මාතර තරුණ බෞද්ධ සමිතියේ දී මෙම පොසොන් පෝදා පැවැත්වෙන පින්කම් මාලාව මෙසේ ය.

එදින පෙරවරු 6 සීල සමාදානය මෙහෙයවීම මලිදුව විමලවංශ නාහිමි, 9.30 විදර්ශනා මාර්ගය දෙසුම චන්ද්‍ර රණතුංග මාතාව පස්වරු 12.30 ට මාටින් ජයවර්ධන මහතා මෙහෙයවන පෝදා සීල සමාදාන හමුව සහ “බුදුසරණ” පුවත්පත බෙදාදීම 1 ට ත්‍රිවිධ හමුදාවට සහ පොලීසියට, රණවිරුවන්ට සෙත්පතා ඌරුමුත්තේ සෝමරතන නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් සෙත් පිරිත් දේශනාව, 2 ධර්ම සාකච්ඡාව මෙහෙයවීම වලස්ගල පඤ්ඤාසිරි හිමි, 3.30 දහම් දෙසුම දිගාමඩුල්ලේ බෝධිසීහ හිමි, 5 දහම් දෙසුම ගම්මැදගම චන්දජෝති හිමි.

තලවතුගොඩ සංඝමිත්තාරාමය

තලවතුගොඩ වැලිපාර සංඝමිත්තාරාමයේ පොසොන් පොහෝ දින අළුයම් 5.30 ට විශේෂ ක්‍ෂීරපායාස අටවිසි බුද්ධ පූජාවක් පැවැත්වේ. පෙරවරු 6 සිට පස්වරු 6.00 දක්වා සීල භාවනා වැඩසටහනක්ද පැවැත්වේ. 7.30 - 10.30 දක්වා සංඝමිත්තාරාම භාවනා මධ්‍යස්ථානාධිපති කර්මස්ථානාචාර්ය බෝගොඩ ඉන්ද්‍ර විමල හිමියන් විසින් මෙහෙයවන භාවනා වැඩසටහනක්ද 10.45 දවල් බුද්ධ පූජාවද පැවැත්වේ.

පස්වරු 12.30 - 1 දක්වා ධම්මචක්ක පවත්වන සූත්‍ර සජ්ඣායනාව පැවැත්වේ. 1 - 2 මාදම්පේ සුලෝචනා දසසිල් මාතාව මෙහෙයවන සක්මන් භාවනාවක්ද වේ. 2.15 - 3.00 කටුනායක පාරමී දසසිල් මාතාව පවත්වන ධර්ම දේශනයක්ද 3 – 5 දක්වා වෛද්‍ය සම්පත් නානායක්කාර මහතා පවත්වන ධර්ම සාකච්ඡාවක්ද, 5 - 5.30 දක්වා තුන් සුත්‍ර දේශනය අවසානයේ සිල් පවාරණයද සිදු කෙරේ. සවස 6.30 ට අටවිසි ගිලන්පස බුද්ධ පූජාවක් මොරවක ශාන්ත හිමියන් විසින් පවත්වනු ලැබේ.

වල්ගම්පාය රජමහා විහාරය

යටිනුවර දන්තුරේ වල්ගම්පාය රාජමහා විහාරස්ථානයේ දී පොසොන් පුන් පොහෝදා විශේෂ පින්කම් මාලාවක් පැවැත්වේ. එම පින්කම් මාලාව යටතේ නව සීමාමාලකයේ නෙලා ඇති බුද්ධ ප්‍රතිමාවේ නේත්‍රා ප්‍රතිෂ්ඨාපනය කිරීම, පොසොන් පොහෝදින පෙහෙවස් සාමාදන් වන උවැසි උවැසියනට “බුදුසරණ” පුවත්පත් බෙදාදීම, ධර්ම දේශනා ධර්ම සාකච්ඡා ආදිය පැවැත්වේ. එම පින්කම් විහාරාධිපති දෙහිදෙණියේ ශ්‍රී සිද්ධාර්ථ රතනසාර හිමියන්ගේ අනුශාසනා පරිදි විහාර වාසී ඇකිරියේ සද්ධානන්ද හිමියන්ගේ සංවිධායකත්වයෙන් සිදු කැරේ.

හීනටියන පොසොන් පෙරහර – 21 දා

පොසොන් උත්සවය නිමිත්තෙන් අමරපුර මහා නිකායේ මහනායක හීනටියන නන්ද තිස්ස මහ නාහිමියන්ගේ අනුශාසනා පරිදි හීනටියන පොත්ගුල් විහාරස්ථානයේ දායක සභාව 68 වෙනි වරටත් සංවිධානය කරන පොසොන් මහ පෙරහර ජුනි 21 දින අත්‍යාංලංකාරයෙන් පැවැත්වේ.

උඩ පහත රට නැටුම් කණ්ඩායම් රාශියකින් සමන්විත මෙම පොසොන් පෙරහර දහවල් 1.00 පොත්ගුල් විහාරස්ථානයෙන් පිටත්ව මිනුවන්ගොඩ නගරය දක්වා වීදි සංචාර කෙරේ.

කෑගල්ලේ පොසොන් මහා පෙරහර

කෑගල්ලේ පොසොන් මහා පෙරහර ජුනි 21 වැනි දින රාත්‍රි පැවැත්වීමට නියමිතව ඇත. කෑගල්ලේ වෑවලදෙණිය ශ්‍රී මහින්දෝදය පිරිවෙන් විහාරස්ථානය කේන්ද්‍රස්ථානය කරගෙන පවත්වන එම පෙරහර 21 වැනි දින පැවැත්වෙන්නේ හැත්තෑ එක් වැනි වතාවටය.

උඩ පහත දෙරට නාට්‍ය කණ්ඩායම් රුහුණු කාවඩ් හා අලි ඇතුන්ද මෙම පෙරහරේ ගමන් කරනු ලැබේ.

මෙදින පස්වරු 7.00 සිට පෙරහර පවත්වා නිමවනතෙක් කොළඹ නුවර මහා මාර්ගය වසා තබනු ඇත. ඒ වෙනුවට විකල්ප මාර්ග පහසුකම් වශයෙන් රංවල හංදියෙන් හැරී පොල්ගහවෙල පාර ඔස්සේ ගමන් කර රඹුක්කන මාර්ගයට පිවිස කරඩුපන හංදියට පැමිණ නුවර දෙසට ගමන් කළ හැකි බවද ශ්‍රී පුණෝපාද සමිතිය නිවේදනය කරයි.

පූජාපිටිය පොසොන් පෙරහර

පූජාපිටිය පලීපාන උඩමුදුන ශ්‍රී පූර්වාරාමයේ 83 වෙනි පොසොන් මහා පෙරහර පොසොන් පෝය දින පැවැත්වීමට විහාරස්ථ දායක සභාව විධි විධාන යොදා ඇත.

විහාරාධිපති හාරිස්පත්තුව අධිකරණ සංඝනායක මිනිවන්ගමුවේ රතනසාර නාහිමියන්ගේ අනුශාසනා පරිදි රජයේ සහ ප්‍රදේශයේ පොදු ආයතන පාසල් සම්බන්ධ කරගෙන අත්‍යාලංකාරයෙන් පවත්වනු ලබන පෙරහර සවස 2.00 සිරිත් පරිදි විහාර මළුවෙන් පිටත්ව පූජාපිටිය වීදි සංචාරය කර සවස 6.00 ගෙවදී.

නාහේන මිහිඳු පෙරහර 22 දා

වත්තල හුණුපිටිය නාහේන ශ්‍රී ධර්ම විජයාරාමය කේන්ද්‍ර කොට වාර්ෂිකව පවත්වනු ලබන නාහේන මිහිඳු පෙරහර 15 වන වරටත් විහාරාධිපති උඩහේන්තැන්නේ පේමරතන නාහිමියන්ගේ අනුශාසනා පරිදි විහාරස්ථාන මිහිඳු පෙරහර කමිටුවේ පූර්ණ සංවිධායකත්වයෙන් මෙම 22 වන ඉරු දින පැවැත්වේ. පෙරහර පූජෝත්සවය වෙනුවෙන් පවත්වනු ලබන ධර්මදේශනා පින්කම් ජුනි 15 වනදා ඇරැඹුණු අතර 21 වන දා දින දක්වා සෑම දිනකම රාත්‍රී 7 ට පැවැත්වේ.

කුඩාබුත්ගමුවේ මිහිඳු මහා පෙරහර

කුඩාබුත්ගමුව නවෝදය සුබ සාධක සමිතියේ සහ විහාරස්ථදායක සභාවේ අනුග්‍රහයෙන් පොසොන් පුර පොහෝ දින කුඩාබුත්ගමුව පියදස්සිනාරාමයේ සිට මිහිඳු මහා පෙරහර වීදි සංචාරය කැරේ.

මිහිඳු මහා පෙරහර කුඩාබුත්ගමුව පියදස්සිනාරාමයෙන් රාත්‍රි 7.00 ට ආරම්භ කර කොහිලවත්ත හන්දිය , අඹතලේ පාර කැලණිමුල්ල හන්දිය , ශ්‍රී සුමන මාවත අංගොඩ හන්දිය, අවිස්සාවේල්ල පාර, කොටිකාවත්ත හන්දිය පසුකර නැවත කොහිලවත්ත පාර ඔස්සේ විහාරස්ථානයට පැමිණීමට සැලසුම් කර ඇත.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.