Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

පිහිට පතයි

මාතර රාහුල පාර අංක 94 හි පදිංචි ප්‍රතිකාර ලබමින් සිටින ආනන්ද සෙනෙවිරත්න මහතා තිදරු පියෙකි. ඒ මහතා සුවපත් කිරීමට ඕ හෝ ඒ වර්ගයේ වකුගඩුවක් වහාම බද්ධ කල යුතු යැයි වෛද්‍ය නිර්දේශය වී ඇත. වකුගඩුවක් පිරිනැමීමට කැමැති අයකු වෙතොත් ඉහත ලිපිනයට හෝ 0112722971 හෝ 0716181448 දුරකතන අංක වෙත දන්වන්නැයි ඉල්ලීමක් කැරේ.

-------------------------------------------------------

දෙඹොක්කාවේ සුනීත සාමණේර හිමියන් දැනට ඉතා දරුණු වකුගඩු රෝගයෙන් පෙලෙන බව මහනුවර මහ රෝහලේ වකුගඩු ඒකයේ විශේෂඥ වෛද්‍ය නිගමනය වී ඇත. ඒ හිමියන්ට “බී පොසිටිව්” වකුගඩුවක් බද්ධ කිරීමට සිදු වී ඇති බැවින් එම වර්ගයේ වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමැති ගිහි පැවිදි පරිත්‍යාගශීලියෙකු වේ නම් පහත සඳහන් ලිපිනයෙන් හෝ දුරකථන අංකයෙන් විමසන ලෙස ඉල්ලීමක් කැරේ. වකුගඩු ආරක්‍ෂක සංගමය, ශිෂ්‍ය භික්‍ෂු නේවාසිකාගාරය, මල්වතු මහා විහාරය, ශ්‍රී සංඝරාජ මාවත මහනුවර 0775815095 දුරකථන අංකය වේ.

-------------------------------------------------------

නවගත්තේගම අංක 646/2 වෙලේවැව දකුණ ග්‍රාම නිලධාරී වසමේ පිහිටි වෙලේවැව ධර්මාරාම විහාරයේ වැඩ වසන කේ සිරිරතන හිමියන්ගේ හදවත සැත්කමක භාජනය කළ යුතුව තිබෙන බව නවලෝක රෝහලේ ශෛල්‍ය වෛද්‍ය නිර්දේශය වී ඇත. ඒ සඳහා සැත්කම් ගාස්තු, රෝහල් ගාස්තු හා පසු ප්‍රථිකාර ගාස්තු වශයෙන් විශාල මුදලක් වැය වෙතැයි අපේක්‍ෂා කෙරේ.

මෙම සැත්කම ඉතා කඩිනමින් සිදුකළ යුතු අතර ඉහත මුදල සොයා ගැනීම අපහසු වී ඇතැයි කියති. එබැවින් මහජන සහයෝගය ලබා ගැනීම පිණිස කේ.සිරිරතන හිමියන්ගේ නමින් ආණමඩුව ලංකා බැංකුවේ විවෘත ඇති අංක 8016965 දරන ගිණුම වෙත ඉහත මුදල සම්පූර්ණ කර ගැනීම සඳහා ලබා දිය හැකි මූල්‍යමය උපකාර යොමු කරන ලෙස හබරව විජිත නන්ද හිමියෝ ඉල්ලීක් කරති.

-------------------------------------------------------

විසිතුන් හැවිරිදි තරුණ මහත්මයකු වෙත “ඒ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් පිරිනැමීමට කැමැති අයකු වේ නම් 2562137 හෝ 0773710358, 0777255311, 2766114 දුරකථන අංක වෙතින් විමසන්නැයි ඉල්ලීමක් කැරේ.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.