Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

කළුතර බෝධියේ පින්කම්

කළුතර බෝධි භාරකාර මණ්ඩලයේ මෙහෙයවීමෙන් කළුතර බෝධි පරිශ්‍රයේදී පොසොන් පෝදා දවස පුරා පින්කම් මාලාවක් සිදු කැරේ. එදින පෙරවරු 6.30 – 7.30 සීල සමාදානය හා තෙරුවන් වන්දනාව මෙහෙයවීම පැලවත්තේ සීවලී හිමි 7.45 – 8.45 භාවනාව මෙහෙය වීම පාදුක්කේ සද්ධාධජ හිමි, 8.50 – 9.50 දහම් දෙසුම කලමුල්ලේ ජිනරතන හිමි, 10 – 11.15 ධර්ම දේශනය පදලංගල ධම්මදේව හිමි, 11.15 අභයදාන පින්කම පිළිබඳ අනුශාසනය පලාතොට පඤ්ඤා නන්ද හිමි, 1 – 2.30 දහම් දෙසුම, මාලිම්බඩ පඤ්ඤාසාර හිමි, 3.30 – 4.30 දහම් දෙසුම මොරකැටිආරේ ධම්මික හිමි, 4.45 – 6 දහම් දෙසුම කොටනෙළුවේ පඤ්ඤානන්ද හිමි, 7.15 කේ.පරණවිතාන මහතා මෙහෙයවන නව අරහාදී පහන් පූජාව.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.