Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

දෙහිවල ගල්විහාරය

දෙහිවල නව පොළොන්නරු ගල් විහාරයේදී මෙම මස 12 වැනිදා සිට 18 වැනිදා දක්වා සතියක් පුරා පොසොන් ධර්ම දේශනා මාලාවක් එම විහාරාධිපති ආචාර්ය කණුමුල්දෙණියේ ශ්‍රී ධර්මාශෝක නාහිමියන්ගේ අනුශාසනා පරිදි සිදු කැරේ. දිනපතා සවස අටවිසි බුද්ධ පූජාසහිත බෝධි පූජා පැවැත්වේ. 18 වැනි පොසොන් පෝයදා දෛනික වැඩ සටහනට සීල සමාදාන කිරිපිඬුදාන , ධර්ම සාකච්ඡා , පිරිත් දේශනා, සහ පණ්ඩිත කැබිලියපොළ ධම්මාලංකාර , කම්මට්ඨානාචාර්ය මඩුගල්ලේ සද්ධානන්ද කණුමුල්දෙණියේ ධම්මාලෝක කණුමුල්දෙණියේ ධම්මවංස යන හිමිවරුන්ගේ ධර්මදේශනා සහ අනුරාධපුර ස්වර්ණමාලි සිල්මාතාවගේ භාවනා වැඩසටහනක්ද සිරි සද්ධානන්ද දහම් පාසලේ සිසු සිසුවියන් පිරිනමනු ලබන දන්සලක් ද ඇතුළත් වේ.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.