Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

සර්ව ආගමික සිල් සමාදන් කරවීමේ පුණ්‍ය මහෝත්සවයක්

දෙමටගොඩ සාම විහාරාධිපති කොටියාගොඩ අත්තදස්සී හිමියන්ගේ සංකල්පයකට අනුව ප්‍රදේශයේ වැඩි වශයෙන් ජීවත්වන දෙමළ සහ මුස්ලිම් පවුල් වල ළමුන් 200 ක් පමණ බෞද්ධ ළමුන් සමග සාම විහාරස්ථානයේ දී සිල් සමාදන් කරවීමේ පුණ්‍ය කර්මයක් පොසොන් පුර පොහෝ දින සංවිධානය කර ඇත.

ප්‍රදේශයේ ජන ගහණයෙන් අන්‍යාගමික, මුස්ලිම් හා දෙමළ පිරිස් විහාරස්ථානයේ දායක පිරිස් අතර වේ. එයට උපහාරයක් වශයෙන් ඔවුන්ගේ දරුවන් සඳහා බේදයකින් තොරව දහම් පාසල, පෙර පාසල, සහන අධ්‍යාපන සේවයක් ලෙස ඉංගී‍්‍රසි පංතිය හා ව්‍යාපාර කළමණාකරන පන්තිය පවත්වයි. පොසොන් පොහොය දින ප්‍රදේශයේ දෙමළ සහ මුස්ලිම් ළමුන් 200 කට අධික පිරිසක් එම ආගමික නායකයින්ගේ කැමැත්ත කැපවීම මත ශ්‍රී සාම විහාරස්ථානයේ දී එම මහඟු කාර්යය සිදු කරයි. අවසානයේ දී රජයට හා ත්‍රිවිධ හමුදාවට සෙත් පැතීමේ පුණ්‍ය කර්මයක්ද සිදු කරයි. එදින වැඩ සටහන මෙසේ ය

උදේ 06.30 ආරාමය පාරේ “සිරි සෙන්දිල් කුමරන්” කෝවිලේ ප්‍රධාන පූජකතුමා වන ශිව ඉරා නීනිරාජා සර්මා සමග ද්‍රවිඩ ළමයින් 200 ක් දෙනා පෙරහරින් විහාරස්ථානයට පැමිණේ. උදේ, 7.00 දහම් පාසල් ගීතය ගායනා කිරීම, උදේ 7.30 අෂ්ඨාංග ශීලයේ පිහිටුවීම හා බුද්ධ පූජාව, උදේ 8.00 හීල් දානය පිරිනැමීම, උදේ 9.00 විහාරාධිපති ස්වාමීන්වහන්සේ විසින් පිළිගැනීමේ අනුශාසනාව, උදේ 9.20 කෝවිලේ පූජකතුමාගේ දේශනාව, උදේ 9.35 මුස්ලිම් පූජකතුමාගේ දේශනාව, උදේ 9.50 කතෝලික පූජකතුමාගේ දේශනාව, උදේ 10.00 ගිලන්පස පූජා කිරීම, උදේ 10.30 ශාස්ත්‍රාචාර්ය බොරැල්ල කෝවිද ස්වාමීන්වහන්සේ විසින් ද්‍රවිඩ බසින් පවත්වන ධර්ම දේශනය, උදේ 11.00 සම්බුද්ධ පූජාව, අනතුරුව උවැසි උවැසියනට දානය පිරිනැමීම, දවල් 1.00 සිල් පවාරනය කිරීම.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.