Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ඓතිහාසික සිතුල්පව්ව පූජෝත්සවය

රුහුණේ ඓතිහාසික සිතුල්පව්ව රාජමහා විහාරය සහ මගුල්මහ විහාර භූමියේ පොසොන් පූජෝත්සවය ජුනි මස 17 , 18 , 19 දිනයන්හි අති උත්කර්ෂවත් අයුරින් පැවැත්වීමට සිතුල්පව්ව රාජමහා විහාරය, යටගල රාජමහා විහාර ආදී විහාර ගණයේ අධිපති ශාස්ත්‍රපති පණ්ඩිත මැටරඹ හේමරතන ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අනුශාසනා පරිදි සිතුල්පව්ව රාජමහා විහාර හා මගුල් මහා විහාර දායක සභාවේ ගරු සභාපති අතිගරු ජනාධිපති ශ්‍රීමත් මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ උපදෙස් හා නියෝග පරිදි රාජ්‍ය අනුග්‍රහයෙන් පැවැත්වේ.

පැමිණෙන බැතිමතුන්ගේ පහසුව සඳහා ආහාර පාන ආදියෙන් සංග්‍රහ කිරීමට දන්සැල් රැසකි.

(පසුගිය වසරේ දන්සැල් 18 ක් පැවතිනි ) ගමනා ගමන පහසුව සඳහා තිස්සමහාරාම බස් නැවතුම් පොලේ සිට සිතුල්පව්ව දක්වා ලංගම බස්රථ සේවා සැලසී ඇත. සනීපාරක්‍ෂක සේවා මැනවින් සලසා ඇත. සිවිල් ආරක්‍ෂක සේවාවන් ද මැනවින් පවතී


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.