Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

කතරගම කිරිවෙහෙර

කතරගම කිරිවෙහෙර රාජමහා විහාරස්ථානයේදී පොසොන් පෝදා පින්කම් රැසක් ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ කුලපති කතරගම කිරිවෙහෙර රාජ මහා විහාරාධිපති උපාධ්‍යාය ආචාර්ය අලුත්වැව සෝරත නා හිමියන්ගේ අනුශාසනා පරිදි සිදු කැරේ.

එදින උදෑසන උපාසක උපාසිකාවන් අටසිල් සමාදන් කරවීම මල් පහන් ගිලන්පස කිරි ආහාර පුජාව ෂඩ් වර්ණ සාඨකයක් කිරිවෙහෙර චෛත්‍ය වටා හේවිසි ශබ්ද පූජා මධ්‍යයේ පැළඳවීම සිදුකෙරේ.

කිරිවෙහෙර චෛත්‍ය මලුවේ භාවනා වැඩසටහන පැවැත්වේ. උදේ ධර්ම දේශනාව ආචාර්ය මහගම ධම්මරතන නා හිමියන් විසින් දුටුගැමුණු ධර්ම ශාලාවේදී පැවැත්වේ. සවස ගාමිණිපුර බෞද්ධ සමිතියේ මිහිඳු පෙරහර වීදි සංචාරය කර කිරිවෙහෙර රාජ මහා විහාරස්ථානයට පැමිණේ. කිරිවෙහෙර මහාසේන සිල් සමිතියේ උපාසක උපාසිකාවන් මල් පෙරහැරකින් අෂ්ඨපල බෝධීන් වහන්සේ වෙතට ගොස් විශේෂ බෝධිපූජා පින්කම පවත්වා ශ්‍රී ලංකාවාසී සැමට සෙත් පැතීම සිදු කෙරේ. කිරිවෙහෙර 3 වන මලුව අසල පහන් දස දහසක ආලෝක පුජාව පැවැත්වෙන අතර සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාව පසුදා පහන්වන තුරු විහාරස්ථ ධර්ම ශාලාවේදී පැවැත්වේ.

කලුතර නීලගිරි මෝටර්ස් අධිපති අජිත් කරුණාතිලක කතරගම බෞද්ධ සංගමය ගිලාන උපස්ථාන බෞද්ධ සමිතිය මහාසේන සිල් සමිතිය හා විහාරස්ථ දායක සභාව එම පින්කම් සංවිධානය කර ඇත.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.