Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ශ්‍රී දළදා මාලිගාවේ පොසොන් පෙරහර

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ පොසොන් මහා පෙරහර පොසොන් පෝය දින වීදි සංචාරය කෙරේ. ශ්‍රී සර්වඥ ධාතු කරඬුව වැඩමවා ගත් ඇත්රාජා ඇතුළු ශ්‍රී දළදා මාලිගාවේ අලි ඇතුන් සහභාගි වන පෙරහර මහ වාහල්කඩ අබියසින් පිටත්ව මාලිගා චතුරශ්‍රයේ ගමන් කරනු ඇත.

පොසොන් පෙරහරට පෙරාතුරුව මල්වතු අස්ගිරි මහා විහාරයන්හි උපසම්පදා පෙරහර ශ්‍රී දළදා මාලිගාවෙන් පිටත්ව, මල්වතු අස්ගිරි මහා විහාරකරා ගමන් කරනු ඇත. වාහල නාග නාමයෙන් මෙදින උප සම්ප්‍රදාශීලයෙහි පිහිටුවනු ලබන සාමණේර දෙනම උපසම්පදා පෙරහරෙන් මාලිගාවේ සිට වැඩමවාගෙන යනු ඇත.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.