Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ස්වර්ණවර්ණ පොසොන් උත්සවය

ස්වර්ණවර්ණ පොසොන් අනුරපුර ස්වර්ණමාලී සෑ රදුන් අබියසින් සහ බසවක්කුලම වැව් තාවුල්ලෙන් පොසොන් පෝදා හිමිදිරියේ සිට මැදියම් රැය තෙක් සජීවීව විකාශය කෙරේ.

පුනර්ජීවනය ප.ව. 4.30 – 5.30 අනුබුදු මිහිඳු හිමි, සිරිලකට බුදු මග රැගෙන ආ දවසෙහි පටන්, සියලු ක්‍ෂේත්‍රයන්හි අත් වූ පුනර්ජීවනයේ කතන්දරය, දහසක් පාසල් දරුවන්, දස දහසක් බැතිමතුන් මැද ජේ.ආර්.ජී. සූරියප්පෙරුම මහතාගේ දෙසුම.

අපි උදෙසා අපි (ස්වර්ණමාලී වන්දනාව) ප.ව. 5.30 – 6.30

අහස උසට නැගුණු, ස්වර්ණමාලී කොත්කැරැල්ලට ඉහළින් ඉර බැස යන හෝරාවේ, පහන් අතින් ගත් උපාසක උපාසිකාවන්ගේ සිත පහන් කරමින්, කොලොන්නාවේ සුමංගල හිමියන් විසින් මෙහෙයවන, ස්වර්ණමාලී ආශිර්වාද පහන් පූජාව.

පොසොන් සඳ මඬල ප.ව. 9.30 – 11.30 පොසොන් සඳ පායන රැයේ, බසවක්කුලම වැව් දියයට ස්වර්ණමාලී සෑ රදුන්ගේ දර්ශනීය සෙවනැල්ල මුසුවන මොහොතේ, බසවක්කුලම වැව් දිය මත ඉදිවුණු, දර්ශනීය පසුතලයක හිඳ, තාරුණයේ ගායන ශිල්පීන් (අතුල, සමිතා, චාමික සිරිමාන්න, ජනනාත් වරකාගොඩ, සෙන්ටිග්‍රේඩ්, ගයන්ත) ආදීන්ගේ හඬින් යුග යුග රස විඳි බැති ගීතාවලිය.

උඩුවේ ධම්මාලෝක හිමි, පල්ලේගම හේමරතන හිමි, අත්තනායක එම්.හේරත් ආදි ගිහි පැවිදි විද්වතුන්ගේ අර්ථ පූර්ණ විවරණ සහිතව.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.