Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ලෝක තරුණ බෞද්ධ සංඝ සභාවේ ශ්‍රී ලංකාවේ මහා සම්මේලනය 13 දා මාතලේ දී

ලෝක තරුණ බෞද්ධ සංඝ සභාවේ 2008 වර්ෂයේ ශ්‍රී ලංකාවේ මහා සම්මේලනය මෙම 13 දින මාතලේ බර්නාඩ් අලුවිහාර ක්‍රීඩාංගණයේදී අතිඋත්කර්ෂවත් ලෙස පැවැත්වීමට සියලු කටයුතු සංවිධානය කර ඇත.

එම සංගමයේ මහලේකම් මුගුණුවෙල අනුරුද්ධ හිමියන්ගේ සහ එහි ගිහි ජාත්‍යන්තරයේ සභාපති නාගරික සංවර්ධන අමාත්‍ය රෝහණ දිසානායක මහතාගේ සංවිධායකත්වයෙන් එම සම්මේලනය පැවැත්වේ.

එම සම්මේලනයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් තායිලන්තයේ උප අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන අමාත්‍ය සොන්වොග් ස්වාන් මහතා පැමිණීමට නියමිතය.

දෙස් විදෙස් ගිහි පැවිදි බෞද්ධ නියෝජිතයින් දහස් ගණනාවකගේ සහභාගිත්වයෙන් පැවැත්වීමට නියමිත මෙම සම්මේලනයේදී තායිලන්තයෙන් වැඩම කරවන ලද ඉතා වටිනා බුද්ධ ප්‍රතිමා වහන්සේලා 222 ක් දිවයිනේ විහාරස්ථාන අතර බෙදා දීමට ද නියමිතය.

2008.06.13 වන දින දවල් භික්ෂුන් වහන්සේලා දහසක් (1000) උදෙසා පැවැත්වෙන මහා සාංගික දානයකි.

මෙම ලෝක බෞද්ධ සංඝ සභාවෙන් මේ වන විට බෞද්ධ ජනතාවගේ උන්නතිය සඳහා වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කොට තිබේ.

එනම් :- . පිරිවෙන් අධ්‍යාපනය ලබන ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා සඳහා ඉංගී‍්‍රසි/සිංහල ශබ්ද කෝෂ බෙදා දීම.

. සිවුරු පිරිකර බෙදා දීම.

. උතුරු නැගෙනහිර යුද්ධයෙන් පීඩාවට පත් ජනතාවගේ පාසල් දරුවන් සඳහා පාසල් පොත්/ඇඳුම් පැලඳුම් බෙදා දීම ඉන් කිහිපයකි. මෙම සම්මේලනයේ ප්‍රධානතම කාර්යය වනුයේ ලෝත තරුණ බෞද්ධ සංඝ සභාවේ ජාත්‍යන්තර මූලස්ථානය සඳහා මාතලේ කලල්පිටියේදී මුල්ගල තැබීමය.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.