Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

කොග්ගල කතළුව රන්වැල්ල විහාරය

හෙළයේ මහාගත්කරු මාටින් වික්‍රමසිංහ මහතා උපන් කොග්ගල සුන්දර ගමෙහි කතළුව රන්වැල්ල විහාරය ආගමික සමාජ මෙහෙය මෙන්ම සාහිත්‍ය රසද ලබාදීමට සුසැදි පින් බිමෙකි.

තායිලන්තයේ හිටපු රජ කෙනෙකු වූ චූලලංකාර රජතුමා ක්‍රි.ව. 1862 දී ශ්‍රී ලංකාවේ ප්‍රථම සිංහල බෞද්ධ පුවත්පත ලංකාලෝකය මුද්‍රණය කළ ලංකෝපකාර මුද්‍රණාලය ලබා දී තිබේ. එම ඓතිහාසිකා මුද්‍රණාලයද පිහිටියේ මෙම රන්වැල්ල විහාරස්ථානයේ වීම විශේෂත්වයකි. විහාරස්ථානය ක්‍රි.ව. 1841 දී ඇරඹි බවට සාක්‍ෂි ඇති අතර මෙම සුන්දර විහාරය අමරපුර නිකායට අයත්වේ.

රන්වැල්ල විහාරස්ථානයේ වත්මන් විහාරාධිපතිත්වය දරන්නේ ගලගම සුගතවංස නායක හිමියෝ ය. උන්වහන්සේගේ ශාසනික සමාජ ප්‍රජා සේවය ඇගයීමට ලක්කළ යුතුව තිබේ. පැරණි බිතුසිතුවම් සහිත ගෘහය පුරාවිද්‍යාස්ථානයක් ලෙස නම්කර තිබේ. 1830 දී මෙම විහාරය ඉදිකිරීමට බුලත්ගම හිමියෝ කටයුතුකර තිබේ. නුවර යුගයට අයත් චිත්‍ර අතර සූවිසි විවරණය සහිත චිත්‍ර සිත් ඇද ගන්නා සුළුය. එහෙත් ඇතැම් බිතුසිතුවම් විනාශ වී තිබේ. පුස්තකාලයේ ඇති චිත්‍ර හා පුස්කොළ පොත් විහාරයටම උරුම වූ වෙනත් පොත් ගුලක දැකිය හැකි නොවේ.

එහෙත් මෙම අපගේ ඓතිහාසික උරුමයන් විනාශ වී යන සෙයක් දැකිය හැකි ය. මෙම විහාරය ආරක්‍ෂා කිරීමට පියවර ගන්නා ලෙස වගකිව යුතු බලධරයන්ගෙන් විහාරාධිපති ගලගම සුගතවංස හිමියෝ ඉල්ලීමක් කරති.
 

නුවර යුගයට අයත් සිතුවම්

 

පැරැණි පිටු සැකසුම් යන්ත්‍රය ගලගම සුගතවංස හිමියන් සහ හබරාදූව ප්‍රාදේශීය ලේකම් ලාල් සමරසේකර මහතා පැරැණි මුද්‍රණ යන්ත්‍රය සමඟ.

 


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.