Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ඌව සිය නෑ සංවිධානයේ අනුරපුර මහ පින්කම තෙ දිනක්

අසූහාර දහසේ (84,000) මහා පහන් පූජාවක් සහ ලක්‍ෂ තුනක පුෂ්පෝහාර පූජාව සහිත මහා පින්කමක් ජුනි 06 - 07 , 08 තෙදින තුළ ඓතිහාසික අනුරපුර පුද බිමේදී පැවැත්වේ.

සියම් මහ නිකායේ මල්වතු පාර්ශ්වයේ නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක ස්වර්ණමාලි චෛත්‍යාරාමාධිපති පල්ලේගම හේමරතන නායක හිමියන්ගේ අනුශාසනා මත ඌව සියනෑ සංවිධානය මගින් මෙම මහා පින්කම පවත්වනු ලැබේ.

මේ අනුව ජුනි 06 දින පස්වරු අසූහාර දහසේ පහන් පින්කමද ජුනි 07 වෙනි දින අළුයම ජයශ්‍රී මහා බෝ සමිඳුන් වෙත කිරි පිඬු පූජාවද පැවැත්වේ.

ජුනි 07 වෙනි දින පස්වරු රුවන්මැලි මහ සෑ රදුන් අභියසදී කප්රුක් පූජාව හා ලක්‍ෂ තුනක නෙළුම් මල් පූජාවද පැවැත්වෙනු ඇත. ජුනි මස 08 දින අටපිරිකර සියයක් (100) සහිත සපිරිකර මහා සංඝගත දක්ෂිණාවක් පැවැත්වීමෙන් මෙම මහා පුණ්‍යෙීත්සවය අවසන් වන බව සංවිධායක මණ්ඩලය පවසයි.

මේ සම්බන්ධව දායකත්වය දීමට හෝ සහභාගිවීමට කැමති සැදැහැවතුන් වෙතොත් 0777-421097 ට (නිමල් ජයකොඩි මහතාට ) හෝ 055 - 2295101 ට (ජේ. එම්. විමලසේන මහතාට) අමතන මෙන් ප්‍රධාන සංවිධායකවරයා ඉල්ලා සිටී.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.