Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

කතරගම ඇසළ පෙරහර

රුහුණු කතරගම මහාදේවාලයේ ඇසළ මහා පෙරහර සඳහා කප්සිටුවීම මැයි මස 20 දින සුබ නැකැත් අනුව කතරගම මහාදේවාලයේ කපු මහත්වරුන් විසින් සිදු කරන ලදී.

කප් සිටුවා දින 45 කින් කතරගම ඇසළ පෙරහර පැවැත්වීම සිදු කෙරේ. ජූලි මස 03 දින ඇසළ පෙරහර අරඹා ජූලි මස 18 දින අවසාන රන්දෝලි මහා පෙරහර පැවැත්වෙන අතර ජූලි මස 19 දින මැණික් ගඟේ දිය කැපීමෙන් පෙරහර කටයුතු අවසන් වෙයි.

පෞරාණික චාරිත්‍ර පුද සිරිත්වලට මුල්තැනක් දෙමින් මෙරට විවිධ කලායතනවල නැටුම් කණ්ඩායම් හා අලි ඇතුන්ගෙන් සමන්විත ඉතාමත් අලංකාර ලෙස පෙරහර පැවැත්වීමට කටයුතු සම්පාදනය කරන බව, ජනාධිපති පෞද්ගලික ලේකම් රුහුණු කතරගම මහාදේවාලයේ බස්නායක නිලමේ තැන්පත් ශෂීන්ද්‍ර කුමාර රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ ය.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.