Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ගලගෙදර සම්බුදු මැඳුර විවෘත කිරීම 30දා

ඕපල්ල ගලගෙදර ශ්‍රී ගංගාරාම විහාරස්ථානයේ අභිනව බුද්ධ ප්‍රතිමා වහන්සේ ඇතුළු බුද්ධ මන්දිරය සඟ සතුකොට පූජා කිරීම වෙසක් මස 30 වැනි දින එම විහාරස්ථානයේදී සිදුකෙරේ. ඊට සමගාමීව වෙසක් මස 27 හා 28 දිනවල සර්වඥධාතු ප්‍රදර්ශනයක්ද පැවැත්වේ. 29 වැනි දින සිට තිස්තුන් පැය මහා පරිත්‍රාණ ධර්මදේශනාවක් පැවැත්වෙන අතර 30 වැනි දින පෙරවරුවේ නේත්‍රා ප්‍රතිෂ්ඨාපනයද අනතුරුව බුද්ධ ප්‍රතිමා වහන්සේගේ සිරසෙහි සර්වඥ ධාතුන් වහන්සේ තැන්පත් කිරීමද සිදුවේ. 30 වැනි දින දවල් මහා සංඝගත දක්‍ෂිණාවක්ද පැවැත්වේ.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.