Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ශ්‍රී ලංකා ශ්වේජින් නිකායේ වාර්ෂික උපසම්පදා විනය කර්මය

ශ්‍රී ලංකා ශ්වේජින් නිකායේ වාර්ෂික උපසම්පදා විනය කර්මය 2008 ජුනි මස 15 වෙනි ඉරුදින ආරම්භ කෙරෙන බව, ශ්‍රී ලංකා ශ්වේජින් නිකායේ මහා නායක කඳුබොඩ ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති ඉඟුරුවත්තේ පියනන්ද මහනාහිමියෝ බුදුසරණට දක්වා සිටිති.

අපවත්වී වදාළ කඳුබොඩ ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති කහටපිටියේ සිරිසුමතිපාල අනුනාහිමියන්ගේ අපවත්වීමෙන් වසර විසිහයක් (26) පිරෙන 2008 ජූනි 25 වෙනිදින උන්වහන්සේට උපහාර පිණිස කඳුබොඩ භාවනා මධ්‍යස්ථානස්ථ බද්ධ සීමා මාලකයේදි ශ්‍රී ලංකා ශ්වේජින් නිකායේ වාර්ෂික උපසම්පදා විනය කර්මය සිදුකර නවක උපසම්පදා භික්ෂූන් වහන්සේ ඇතුළු අර්ධ ශතාධික මහ සඟරුවන විෂයෙහි දක්ෂිණාවක් පිරිනැමීමට මහ නාහිමිපාණන් වහන්සේ ඇතුළු විංසත් වර්ගික කාරක සංඝ සභාව තීරණයක් කර ඇත.

විශේෂයෙන් ජූනි 15 වෙනිදින පෙරවරු 8.00 උපසම්පදා විනය කර්මය ආරම්භ කෙරෙන හෙයින් කාල වේලා ඇතිව ඒ සඳහා සූදානම්ව පැමිණෙන ලෙස උපසම්පදාපේක්ෂකයන් වහන්සේලා හා ආචාර්යයන් වහන්සේලා වෙත සිහිපත්කර සිටින බව ද මහනාමියෝ සිහිපත් කර සිටිති.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.