Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

අක්මීමන පඤ්ඤාසාර හිමියෝ නායක පදවි ලබති

ඉමදූව, වල්පල වාඩියවත්ත සඳුන් විහාරාධිපති ගා/බටේමුල්ල ජාතික පාසලේ ධර්මාචාර්ය සමස්ත ලංකා සාම විනිසුරු ශාස්ත්‍රපති අක්මීමන පඤ්ඤාසාර ස්වාමීන් වහන්සේ වෙත මහනුවර මල්වතු මහා විහාරයේ මහා නා හිමිපාණන් වහන්සේ ප්‍රධාන සානු නායක කාරක සංඝ සභාව මඟින් ‘ප්‍රවචන කීර්ති ශ්‍රී ධම්මානන්ද’ යන ගරු නාම සම්මුතිය සහිතව තල්පේ පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝනායක පදවිය පිරිනමා ඇත. යක්කලමුල්ල සමථ මූල මණ්ඩලය තල්පේ පත්තුවේ ශාසනාරක්‍ෂක බල මණ්ඩලය ආදී ප්‍රදේශයේ විවිධ සමිති සමාගම් කීපයක ක්‍රියාකාරී තනතුරු දරමින් ප්‍රදේශයට ජාතික ආගමික විශාල සේවාවක් සිදු කරන පඤ්ඤාසාර හිමි යක්කලමුල්ල ගහලකොල දෙණිය ශ්‍රී ගුණවර්ධනාරාමාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ රාජකීය පණ්ඩිත රන්සෑගොඩ ධම්මානන්ද හිමියන්ගේ ශිෂ්‍ය රත්නයකි.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.