Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

අමාදහර වෙසක් සදහම් කලාපයෙන්......

සම්බුදු තෙමඟුල නිමිත්තෙන් ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම වාර්ෂිකව සංවිධානය කරනු ලබන “අමාදහර වෙසක් සදහම් කලාපය” අතිඋත්කර්ෂවත් අයුරින් ඉකුත් 19, 20, 21 යන තෙදින තුළ ලේක්හවුස් මන්දිරය අබියසදී පැවැත්විණි.

අමාදහර වෙසක් සදහම් කලාපයට වෙසක් පහන් කූඩු, බැති ගී ගායනා ටවර් හෝල් රඟහල පදනම ඉදිරිපත් කරන ලද සංස්කෘතිකාංග, රූකඩ සංදර්ශන ඇතුළු විශේෂාංග රැසක් තිබිණ.


“අමාදහර” වෙසක් කලාපය ජනමාධ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා විවෘත කළ අවස්ථාව

 


අමාදහර වෙසක් කලාපය ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ සභාපති බන්දුල පද්මකුමාර මහතා විසින් ඉකුත් 19 වනදා විවෘත කළ අවස්ථාව .


අමාදහර වෙසක් කලාපයේදී පළමු ස්ථානය සඳහා ත්‍යාග ජනමාධ්‍ය අමාත්‍යතුමා අතින් ලබාගත් අයුරු.
 


අමාදහර වෙසක් කලාපයේදී දෙවන ස්ථානය සඳහා ත්‍යාග ජනමාධ්‍ය අමාත්‍යතුමා අතින් ලබාගත් අයුරු.


අමාදහර වෙසක් කලාපයේදී තෙවන ස්ථානය සඳහා ත්‍යාග ජනමාධ්‍ය අමාත්‍යතුමා අතින් ලබාගත් අයුරු.


සම්භාවනීය ආරාධිතයන්

 

එම අමාදහර වෙසක් සදහම් කලාපය වෙසක් පහන් කූඩුවලින් හා බොදු ධජ වලින් අලංකාර වූ අතර විදුලි බුබුළු වලින් ඒකාලෝක වී තිබිණි. හේලීස් ආයතනය මෙවර වෙසක් සදහම් කලාපයට පූර්ණ අනුග්‍රහය දක්වා තිබිණි. ස්වාධීන රූපවාහිනිය සහ ලක්හඬ ගුවන් විදුලිය විද්‍යුත් මාධ්‍ය අනුග්‍රහය දක්වන ලදී. ඉකුත් 19 වැනි දා එම අමාදහර වෙසක් සදහම් කලාපය ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ සභාපති හා කළමනාකාර අධ්‍යක්‍ෂ බන්දුල පද්මකුමාර මහතාගේ සහ හේලීස් ආයතනයේ නියෝජ්‍ය සභාපති මොහාන් පණ්ඩිතගේ මහතාගේ අතින් විවෘත කැරිණි. ඉකුත් 20 වැනි දා එම වෙසක් සදහම් කලාපයේ විදුලි ආලෝකය ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ මෙහෙයුම් අධ්‍යක්‍ෂ උපුල් දිසානායක මහතා අතින් විවෘත කැරිණි.

ඉකුත් 21 වැනි දා එම අමාදහර වෙසක් සදහම් කලාපය ජනමාධ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

මෙවර අමාදහර වෙසක් සදහම් කලාපයේ පැවැති වෙසක් පහන්කූඩු තරගයේ ප්‍රථමස්ථානය ඩී.ජී. ප්‍රභාත් නයනජිත් හිමිකරගත් අතර ඊට අදාළ රුපියල් ලක්‍ෂ 2 ක මුදල් ත්‍යාගය ජනමාධ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා අතින් ලබා ගත්තේය. එහි දෙවැනි ස්ථානයට රුපියල් ලක්‍ෂ එක හමාරක ත්‍යාගය ඩේවිඩ් අප්පුහාමි මහතා විසින් ද තෙවැනි ස්ථානයට රුපියල් ලක්‍ෂයක මුදල කඩුපිටියේ ඉන්ද්‍රදීප යෝගචන්ද්‍ර මහතා විසින් ද හිමිකරගත් හ.

එම තෙදින උත්සව මාලාව සඳහා ස්වාධීන රූපවාහිනී සේවයේ සභාපති අනුර සිරිවර්ධන, ජාතික ආරක්‍ෂක තොරතුරු මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂ ජනරාල් ලක්ෂ්මන් හුලුගල්ල, හේලීස් පිලිප්ස් ආයතනයේ විධායක අධ්‍යක්‍ෂ ට්‍රෙව රෙකචක්ස් ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ කර්තෘ මණ්ඩල අධ්‍යක්‍ෂ නිහාල් රත්නායක, මූල්‍ය අධ්‍යක්‍ෂ ෂාන් සන්මුගදාසන්, පරිපාලන අධ්‍යක්‍ෂ රසාංග හරිස්චන්ද්‍ර හේලීස් ආයතනයේ විධායක ෆෙවර් රෙක්මන්, ස්වාධීන රූපවාහිනී සාමාන්‍යධිකාරී මූර්ති විජේසිංහ, අධ්‍යක්‍ෂ හෂින් ඔමාර්, හේලීස් ආයතනයේ අධ්‍යක්‍ෂ ජූඩ් සිල්වා, ලේක්හවුස් ආයතනයේ සාමාන්‍යාධිකාරී අභය අමරදාස, ලේකම් කුමුදු ගුණවර්ධන, මහජන සම්බන්ධතා හා විශේෂ ව්‍යාපෘති කළමනාකාර ඩී.එස්. ඉලේසිංහ බෙදාහැරීමේ කළමනාකරු ඩබ්ලිව්. ජී.ප්‍රනාන්දු දැන්වීම් කළමනාකාර වරුණ මල්ලවආරච්චියන මහත්ම මහත්මීහු ඇතුළු නිලධාරීහු ද විශාල පිරිසක් ද සහභාගි වූහ.

සේයාරූ,- රංජිත් ජයවීර, රුක්මල් ගමගේ, සමන් මෙන්ඩිස්


ප්‍රථම ස්ථානය දිනූ වෙසක් පහන් කූඩුව


ලේක්හවුස් සේවක සේවිකාවෝ බැති ගී ගායනා කරමින් ...


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.