Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

රට වටා වෙසක් පෝදා පින්කම්


කොම්පෙයාහේන

හෝමාගම, පනාගොඩ, කොම්පෙයාහේන භාවනා මධ්‍යස්ථානයේදී වෙසක් පොහොය දින ආගමික වැඩසටහන් රැසක් සිදු කැරේ

-----------------------------------------------

විදර්ශනා භාවනා හා දේශනා

මිනුවන්ගොඩ අභිධර්මාචාර්ය ඊ.ඒ. පියරත්න මහතා විසින් සෑම පුර පසළොස්වක පොහොය දිනකම පවත්වාගෙන එනු ලබන විදර්ශනා භාවනා හා දේශනා වැඩසටහන් මාලාව (මැයි 19) වෙසක් පුන් පෝදා පහත සඳහන් විහාරස්ථානයන්හි දී පැවැත් වේ.

එදින පෙරවරු 8.30 – 10.30 රාගම, මත්තුමගල පරාක්‍රම පාර බෞද්ධාලෝක විහාරස්ථානයේ දී මාපිටිගම සෝභිත නා හිමියන්ගේ අනුශාසකත්වයෙන් ද, පස්වරු 12.30 – 2.30 ගම්පහ, බටහිර උග්ගල්බොඩ ශ්‍රී සුසිලාරාමයේ දී වැල්හේනේ ඤාණරතන නා හිමියන්ගේ අනුශාසකත්වයෙන් ද 2.30 – 4.00 දෙවලපොල, මාකලන්දන ශ්‍රී ඉන්ද්‍රවංශාරාමයේ දී වන්දාරම්නුවර සුමනවංශ නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් හා 4.00 – 6.00 දිවුලපිටිය බෝමුගම්මන ගනේවත්ත පුරාණ බෝධිමළු විහාරස්ථානයේ දී වරාදල විමලබුද්ධි නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් ද එම වැඩ සටහන පැවැත් වේ.

-----------------------------------------------

ධර්ම දානමය පින්කමක්

ධර්ම දානය පිණිස බුදුසරණ නොමිලයේ බෙදාදීමේ පින්කමක් වෙසක්පුර පසලොස්වකදා යකහටුව විවේකාරාමයේදී පැවැත්වේ. මෙය ගුවන් හමුදා සේවයේ යෙදී සිටියදී මියගිය මිනුවන්ගොඩ එම්.ඒ. සිසිර පතිරණ රණවිරුවාට පින් පිණිස සිදු කෙරෙන්නකි.

-----------------------------------------------

කිරිබත්ගොඩදී වෙසක් පහන්කූඩු තරගයක්

වෙසක් සතිය නිමිත්තෙන් වෙසක් කූඩු තරගයක් සහ වෙසක් බැති ගී සංදර්ශනයක් වෙසක් පොහෝ දින සිට 25 වැනි දින දක්වා කිරිබත්ගොඩ නගර මධ්‍යයේදී පැවැත්වේ.

කැලණිය ප්‍රාදේශීය සභාවේ පූර්ණ අනුග්‍රහය යටතේ එය සිදුකෙරෙන බව මෙහි සම්බන්ධීකරණ නිලධාරි සුදත් රෝහිත මහතා කීය. කම්කරු අමාත්‍ය ආචාර්ය මර්වින් සිල්වා මහතාගේ සංකල්පයක් අනුව දෙවැනි වරටත් එම කටයුතු සංවිධානය කෙරේ. වෙසක් කූඩු තරගය විවෘත හා කේවල වශයෙන් පැවැත්වේ. පළමුවැනි ස්ථානය දිනා ගන්නා ජයග්‍රාහකයාට මුදලින් රුපියල් 50000 ක් සහ සිංගප්පූරුවට යාම් ඊම් සඳහා ටිකට් පතක් නොමිලයේ ප්‍රදානය කෙරේ. දෙවැනි ස්ථානය රුපියල් 25000/ කි. තෙවැනි ස්ථානයට රුපියල් 15000/කි. හතරවැනි ස්ථානයේ සිට දහවැනි ස්ථානය දක්වා විශේෂ සැනසිලි ත්‍යාග හා සහතිකපත් පිරිනැමේ. අයදුම්පත්, කැලණිය ප්‍රාදේශීය සභාවේ වෙසක් සතිය සම්බන්ධිකරණ නිලධාරිගෙන් ලබා ගත හැකිය. දුරකථන :- 2914110 , 0779018270 මීට සමගාමීව වෙසක් තොරණ සහ දන්සැල් ශීල ව්‍යාපාරද මෙම සතිය පුරා පැවැත්වේ.

-----------------------------------------------

සංකල්ප විහාරයේ වෙසක් පින්කම් සතියක් පුරා

පිළියන්දල, මාකන්දන වැලිතොටුව වත්ත, සංකල්ප විහාරයේදී වෙසක් පින්කම මැයි 19 දා සිට සතියක් පුරා පැවැත්වේ. වෙසක් පෝදා පෙරවරු 5.00 ට කිරි ආහාර අටවිසි බුද්ධ පූජාවද එම කිරි ආහාර පුජාව වෙසක් සතිය පුරා දිනපතා සිදු කිරීම ද, පෙරවරු 6.00 ට ශීල සමාදාන වැඩ සටහන ආරම්භ කැරේ. ධර්මානුශාසනා පැවැත්වීම දේවහුවේ චන්දිම හිමි, තපෝවනයේ අරියධජ හිමි, උඩුගල් මොටේ තිලකසිරි හිමි, දැල්තර සුගතසිරි යන හිමිවරුන් විසින් සිදු කැරේ. ගිහි පින්වතුන්ගේ දේශනා සහ භාවනා වැඩසටහන්ද එදින ක්‍රියාත්මක කරවීමට සංකල්ප විහාරාධිපති උග්ගොඩ ධම්මින්ද හිමියන්ගේ අනුශාසනා පරිදි සිදු කෙරේ. වෙසක් සතිය මුළුල්ලේ සවස අෂ්ඨපාන චතුමධුර ගිලන්පස පුජාවන්ද පැවැත්වේ. සංකල්ප දායක සභාව, සංකල්ප දහම් පාසල, සංකල්ප යෞවන සමාජය සංකල්ප ක්‍රීඩා සමාජය , සංකල්ප ස,ණ. ස. සමිතිය සංකල්ප ග්‍රාම සංවර්ධන සමිති ඒකාබද්ධව එම පින්කම සංවිධානය කර ඇත.

වෙසක් සතිය පුරා දර්ශනීය තොරණ ප්‍රදර්ශනය කෙරේ. වෙසක් දිනට පසුදා සිට දින තුනක් තුළ බත් දන්සැලක් පැවැත්වේ.

-----------------------------------------------

අරංගල ශ්‍රී ශෛලාරාමය

උතුරු හෝකන්දර අරංගල ශ්‍රී ශෛලාරාම විහාරස්ථානයේ දී වෙසක්පුර පොහෝදා , විහාරාධිපති කැලණිය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත ඇත්කඳුරේ සුමනසාර මාහිමියන්ගේ ප්‍රධාන අනුශාසකත්වයෙන් සහ විහාරස්ථ සීල භාවනා සමිතියේ සංවිධායකත්වයෙන් පින්කම් මාලාවක් පැවැත්වේ. පෙරවරු 5.45 - 6.30 විශේෂ පිණ්ඩපාත චාරිකාව , 6.30 - 7.30 සිල් සමාදන් කරවීම සහ කිරිපිඬු පූජාව ඇත්කඳුරේ සුමනසාර හිමි, 8.30 - 9.30 ජාතක විමර්ශනය ඇකිරියේ සමිත හිමි. 9.45 - 10.45 ධර්ම දේශනය නරවැල්පිට අරියරතන හිමි. 11.00 - 11.30 ආහාර බුද්ධ පූජාව බදුල්ලේ සුමංගල හිමි පස්වරු 1.00 - 2.00 සෙත් පිරිත් සජ්ක්‍ධායනය 2.00 - 3.00 විශේෂ භාවනා වැඩසටහන සිරිසේන ලියනාරච්චි මහතා 3.15 - 4.15 ධම්මපද විමර්ශනය , ඇකිරියේ ඤාණසුමන හිමි, 4.30 - 5.30 ධර්ම දේශනය කථිකාචාර්ය ඇත්කඳුරේ සුමනසාර හිමි. 6.30 - 7.30 විශේෂ අටවිසි බුද්ධ පූජාව මුරපොල පියවංස හිමි.

-----------------------------------------------

රස්සපාන නන්දාරාමයේ පින්කම්

වෙසක් උත්සවය නිමිත්තෙන් පසුගිය 12 වන දින ආරම්භ වූ අටවිසි බුද්ධ පූජා, බෝධි පූජා, ධර්මදේශනා, භාවනා, භක්ති ගීත, ප්‍රසංග, විදුලි ආලෝක පූජා සහිත පින්කම් මාලාව බලගල්ල - රස්සපාන ශ්‍රී නන්දාරාම පුරාණ විහාරස්ථානයේදී දෙගම්වාසීන්ගේ සහභාගිත්වයෙන් වෙසක් පුන් පොහෝ දා දක්වා පැවැත්වේ.

වෙසක් පොහෝ දින ශ්‍රී නන්දාරාම රිවිදින දහම් පාසලේ දරු දැරියන් ඉදිරිපත් කරන බොදු බැති ගී ප්‍රසංගයකි. එදිනම බත් දන්සලක් ද පැවැත්වීමට නියමිතය.

-----------------------------------------------

ගල්දූව

අම්බලන්ගොඩ අකුරලගල්දුව ආරණ්‍යසේනාසනයේදී තෙමඟුල සිහිකිරීම සඳහා අටසිල්, දසසිල්, සමාදන් වන සිල් පිරිසට හීල, දවාල, ගිලන්පස පිරිනැමීම සීනිගම ගුණජය සතුට පදනමේ සභාපති කුෂල් ගුණසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කරන බව පදනමේ සම්බන්ධිකරණ ලේකම් සම්පත් විරාජ් ප්‍රසන්ජය මහතා කීය.

-----------------------------------------------

හොරණ

හොරණ පොදු වෙළෙඳ සමිතිය මගින් 12 වෙනි වරටත්, ප්‍රදර්ශනය කරන වෙසක් මහා තොරණ මෙම මැයි 19, 20, 21, 22 , 23 සහ 24 යන දිනයන්හිදී හොරණ පොදු වෙළෙඳපළ අසළ දී ප්‍රදර්ශනය කෙරේ.

-----------------------------------------------

වෑවල

හොරණ, වෑවල ඉසිපතනාරාමයේ තරුණ බෞද්ධ සමිතිය සංවිධානය කරන දීප ව්‍යාප්ත වෙසක් පහන් කූඩු ප්‍රදර්ශනය මෙම මැයි මස 19, 20, 21, 22 සහ 23 යන දින පහේදී හොරණ වෑවල ඉසිපතනාරාමයේදී ප්‍රදර්ශනය කෙරේ.

-----------------------------------------------

මහනුවර

මහනුවර කටුකැලේ එක්සත් තරුණ සමිතියේ වෙසක් බත් දන්සල මැයි 19.20 දිනයන්හි කටුකැලේ දී පැවැත්වේ. මහනුවර ශ්‍රී පුෂ්පදාන සමිතිය මගින් වෙසක් පෝයදින ශ්‍රී දළදා මාලිගාවට පැමිණෙන සැදැවතුන්ට මල් බෙදාදීම එදින දවස පුරා පැවැත්වේ.

කටුගස්තොට ශ්‍රී ඝටිකාරාම පුණ්‍යායතනයේ ශ්‍රී පඤ්ඤාජෝති දහම් පාසල මඟින් කෝපි දන්සලක් වෙසක් පෝය දින කටුගස්තොට දී පවත්වනු ඇත.

-----------------------------------------------

කුමළමළහේන

කුමළමළහේන බෝධිරාජ එක්සත් අවමංගල්‍යාධාර සමිතිය 12 වන වරටත් වෙසක් පුර පසළොස්වක් පෝය දින කුමළමළහේන ශ්‍රී කස්සප බෝධිරාජ විහාරස්ථානයේදි සිල් සමාදන් වන සියලු උපාසක උපාසිකාවන් සඳහා උදේ දානය දවල් දානය, ගිලන්පස පිරිනැමීමටද, එම සියලු දෙනා වෙනුවෙන් “ බුදුසරණ “ පත්‍රය දහම් පඩුරක් ලෙස පිළිගැන්වීම ද කටයුතු යොදා ඇත.

-----------------------------------------------

නෙළුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය

නෙළුව ප්‍රාදේශීය මහලේකම් කාර්යාලයේදී වෙසක් පොහොය නිමිත්තෙන් මැයි 21 බදාදා පෙරවරු 8.30 සිට 10.00 දක්වා විශේෂ බෝධි පූජාවක් ධර්මදේශනයක් පැවැත්වේ. කඩිහිංගල ශ්‍රී ගුණානන්ද බෞද්ධ මධ්‍යස්ථානාධිපති , නියෝජ්‍ය ලේඛකාධිකාරි උඩුගම සාරානන්ද හිමියන් විසින් එය මෙහෙයවති.

නෙළුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා නෙළුව ශාසනාරක්‍ෂක බල මණ්ඩලය එක්ව සංවිධානය කරන පිණ්ඩපාත චාරිකාව මැයි 20 වැනි දින පෙරවරු 9.00 ට මැදගම සුමේධාරාමයෙන් ගමන් අරඹා නෙළුව නගරය හරහා පෙරවරු 11.30 ට මාවිට, කොස්වත්ත ශ්‍රී සුදර්ශනාරාමයට ලගාවීමට නියමිතය. නෙළුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය කොට්ඨාශයේ දහම් පාසල් හා පාසල් සිසුන් අතර සංවිධානය කළ වෙසක් චිත්‍ර තරගයේ ත්‍යාග හා සහතික පත්‍ර ප්‍රදානය මැයි මස අවසාන සතියේදී ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවනාගාරයේදී සිදුකෙරේ.

වෙසක් උළෙල නිමිත්තෙන් නෙළුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සෑම වෙහෙර විහාරයකම මැයි 16 සිට 22 දක්වා විශේෂ වැඩසටහන් රැසක් පැවැත්වේ.

-----------------------------------------------

හල්තොට

හල්තොට කැබැල්ලහේන ගම්වාසීන් විසින් පිළියෙල කරනු ලබන කිරිබත්, රසකැවිලි, කෝපි තේ්පැන් දන්සල මෙවරත් 20 දින පෙරවරු 7.30 සිට හල්තොට සහන් පෙදෙසේදී පැවැත්වේ.

-----------------------------------------------

හොරණ

වෙසක් උත්සවය නිමිත්තෙන් (ජාතිය දේශය වෙනුවෙන් දිවි පිදූ ) වීරෝදාර රණ විරුවනට පින් පතා, හොරණ නගර සභා උප සභාපති ටී.ඒ. දයානන්ද මහතා සහ හොරණ නගරයේ වෙළද ව්‍යාපාරික පිරිස විසින් සංවිධානය කරනු ලබන සිසිල්පැන් රසකැවිලි හා තේ පැන් දන්සැල මෙම මස 20 වෙනි වෙසක් පසලොස්වක දින සවස 5 සිට හොරණ ඓතිහාසික බෝ සමිඳුන් අබියසදී පැවැත්වේ.

-----------------------------------------------

දැල්පිටිය ශ්‍රී බෝධිරුක්ඛාරාමය

අටබාගේ , දැල්පිටිය ශ්‍රී බෝධිරුක්ඛාරාමයේදී මැයි මස 19, 20 යන දෙදින තුලදී අටවිසි බුද්ධ පූජාමය පින්කමක් ඇතුළු වෙසක් පින්කම් මාළාවක් සිදු කැරේ. කන්දකැටියේ නන්දවිමල හිමියන්ගේ අනුශාසකත්වය යටතේ සිදුකරන එම පින්කම් මාලාව සඳහා විහාරස්ථ දායක සභාව ශ්‍රී ධම්මාලෝක දහම් පාසල ඇතුළු අවට ප්‍රදේශවාසීන් අනුග්‍රහය දක්වයි. එදින විශේෂ වෙසක් ධර්මදේශණාව, නියන්ගම්දොර පඤ්ඤානන්ද නාහිමියන් විසින් පවත්වති. එදින ත්‍රිවිධ හමුදාව හා පොලීසියටත් ජනාධිපතිතුමා ඇතුළු රජයටත්, ලක්වාසී ජනතාවටත් සෙත්පතා විශේෂ බෝධිපූජාවක් හා පහන් පූජාවක්ද පැවැත්වීමට කටයුතු යොදා ඇත.

-----------------------------------------------

රත්මලාන මල්ලිකාරාමය

රත්මලානේ මල්ලිකාරාමයේදී වෙසක් පොහෝ දින උදේ 6.30 ට සිල් සමාදන් කරවීම හා කිරිපිඬු දානය අග්ග මහා පණ්ඩිත වැලිගම, ඤාණරතන මහ නාහිමියන් විසින් මෙහෙයවනු ලැබේ. දවස පුරා දාන සීල භාවනා ආදී වැඩසටහන් රාශියක් පවත්වා සවස 5 සිට 6 දක්වා අග්ගමහා පණ්ඩිත ඤාණරතන මහානායක මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් පවත්වනු ලබන ධර්ම දේශනාවද වේ. සවස 6.15 ට තෙසැත්තෑ ඤාණ පූජාව ද පවත්වා සවස 7.00 ට විහාරස්ථ සිරි වජිරඤාණ දහම් පාසල මගින් ඉදිරිපත් කරන බුද්ධාභිවාදන බැති ගී ද ගායනය සිදු කැරේ. 20 වන දින උදේ 08.30 ට ලේ දන්දීමේ පින්කමක් ද පැවැත්වේ.

-----------------------------------------------

රිටිගහයාය

කටුවන රිටිගහයාය ජයමංගලාරාමයේදී විහාරාධිපති ජුලම්පිටියේ පඤ්ඤාලෝක නාහිමියන් ගේ් අනුශාසනා පරිදි ජය මංගල දහම් පාසල කටුවන සංස්කෘතික මධ්‍යස්ථානය හා රිටිගහයාය මහා විද්‍යාලය එකතුව වෙසක් පින්කම් මාලාවක් සිදු කැරේ. ඉකුත් 17 වැනිදා ඇරැඹුනු එම පින්කම් මාලාව වෙසක් පෝදා දවස පුරාද 20 , 21 යන දිනයන්හිද පැවැත්වේ.

-----------------------------------------------

සීනිගොඩ

වතුගෙදර සීනිගොඩ මවුපිය උපහාර අටවිසි බුදු මැදුරේ දී මෙම වෙසක් සතිය තුළ අටවිසි බුද්ධ පැවැත්වෙන අතර ඊට සහභාගි වන බැතිමතුන් වෙත ‘බුදුසරණ’ ධර්ම දානය සඳහා පිරිනැමෙන බව පියදිගමගේ චන්ද්‍රපාල ද සිල්වා මහතා කියයි. එස්.කේ. රැන්සිනෝනා සහ පියදි ගමගේ චාර්ලිස් සිල්වා යන මව්පිය දෙපලට සහ පී.පී. ද සිල්වා මහතාට ද පින් පිණිස එම ධර්ම දානමය පින්කම සිදු කැරේ.

-----------------------------------------------

බෙලිගල

බෙලිගල වෑකඩ පදිංචි ඒ.එස්. සමරසිංහ සහ ඔහුගේ එකම පුත් දැනට විදේශගතව සිටින ආනන්ද ධම්මපි‍්‍රය සමරසිංහ යන අයගේ සහභාගීත්වයෙන් මෙවර ද බෙලිගල ඓතිහාසික රාජමහා විහාරස්ථානයෙහි සහ මැටියගනේ බුද්ධ රක්‍ඛිත ආරණ්‍ය සේනාසනයෙහිදී වෙසක් පුර පසළොස්වක් පොහෝ දින සිල් සමාදන් වන සියලු බැතිමතුන් උදෙසා දහසය (16) වෙනි වරට ද බුදුසරණ පත්‍රය ධර්මදානය සඳහා නොමිලයේ බෙදාදීමට කටයුතු යොදා ඇත.

-----------------------------------------------

බුදුසරණ බෙදාදීම ඇල්පිටියේ දී

ඇල්පිටියේදී ඉඹුල්පිටිය සමූහ ව්‍යාපාරයේ අධිපති ජිනසේන හොරවල විතාන මහතා විසින් වසර 20 ක් නොකඩවා සිදු කළ බුදුසරණ පත්‍ර සහ දිනමිණ වෙසක් කලාප බෙදාදීම , මෙවරත් වෙසක් පුර පසළොස්වක පොහොය නිමිත්තෙන් සිදු කිරීමට කටයුතු යොදා ඇත.

ඒ අනුව ප්‍රදේශයේ පූජනීය ස්ථාන කිහිපයක සිල් සමාදන් වන උවසු උවැසියන් අතර බුදුසරණ පත්‍ර 500 ක් මෙවර බෙදාදීමට නියමිතය.

-----------------------------------------------

කුප්පියාවත්තේ ශ්‍රී ජයශේඛරාරාමය

කොළඹ 10, කුප්පියාවත්තේ ශ්‍රී ජයශේඛරාරාමයේ සීල සමාදාන භාවනා වැඩසටහන් මාලාවක් වෙසක් පුර පසළොස්වක පොහෝ දා සහ ඊට පෙර දින හා පසු දින ද, විහාරාධිපති හල්පිට හේවාගම් දෙකෝරළයේ ප්‍රධාන අධිකරණ සංඝනායක ත්‍රිපිටකාචාර්ය තලල්ලේ මහින්ද නාහිමියන්ගේ අනුශාසනා පරිදි පැවැත්වේ.

එදින පෙරවරු 9 පස්වරු 2.00 කාලය තුළදී වාර්ෂිකව පැවැත්වෙන ලේ දන්දීමේ පින්කම මෙවර ද පැවැත්වේ. සිල්රෙදි පිරිනැමීම ද පෙරවරු 5.15 ට පුංචි බොරැල්ලේ රාජකරුණා මාවතේ සිට කිරිපිඬු බුද්ධ පූජාව රැගත් පෙරහර පිටත් වී 5.45 පමණ විහාරයට පැමිණේ.6.00 – 6.30 සීල සමාදානය හා කෙටි අනුශාසනාව මෙහෙයවීම විහාරාධිකාරී රජවත්තේ වප්ප හිමි, 7 – 7.30 සම්බුද්ධ පූජාව හා තෙරුවන් වන්දනාව මෙහෙයවීම තලල්ලේ මහින්ද නා හිමි, 8 – 9 ශාස්ත්‍රපති රජවත්තේ වප්ප හිමියන් මෙහෙයවන භාවනා වැඩ සටහන 9.15 – 10.15 ධර්මානුශාසනාව ශාස්ත්‍රපති රජවත්තේ වප්ප හිමි, 10.15 –11.00 සම්බුද්ධ පූජාව මෙහෙයවීම තලල්ලේ ධම්ම දේව හිමි, 12.30 – 12.45 සෙත් පිරිත් සජ්ඣායනාව විමලදාස උපාසක මහතාගේ ප්‍රධානත්වයෙන්, 1 – 2 උපාසක උපාසිකා සමිතියේ මාසික රැස්වීම තලල්ලේ මහින්ද නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් 2.15 – 3.00 භාවනා වැඩසටහන මෙහෙයවීම තලල්ලේ මහින්ද නා හිමි, 3.15 – 4.15 ධර්ම දේශනාව බොරැල්ලේ අතුල නා හිමි, 4.15 – 5.15 දම් දෙසුම ගැට්ටුවානේ සුමේධ හිමි, 5.15 – 6.15 ධර්ම දේශනාව ඇත්කඳුරේ සුමනසාර හිමි, 6.15 ට සිල් පවාරණය, 7.00 – 7.30 බුද්ධ වන්දනාව මෙහෙයවීම ගැට්ටුවානේ සුමේධ හිමි, එදින රාත්‍රී ධර්ම දේශනාව 7.30 – 8.30 එළියස් පෙදෙසේ සංඝමිත්තාරාමාධිපති බෙලිදෙණියේ සිරිධම්ම නා හිමි.

-----------------------------------------------

කොළඹ තරුණ බෞද්ධ සංගමය

කොළඹ තරුණ බෞද්ධ සංගමයේ දී පැවැත්වෙන වෙසක් පෝදා සීල භාවනා පින්කම් මාලාව මෙසේ ය. එදින පෙරවරු 6 – 7.30 සීල සමාදානය හා බුද්ධ වන්දනාව මොරවක ශාන්ත හිමි, 8 – 9 භාවනා වැඩසටහන මෙහෙයවීම උතුරාවල ධම්මරතන හිමි, 9 – 10 දහම් දෙසුම වැලිගම ඤාණරතන මහ නාහිමි, 10 – 11 දහම් දෙසුම කඩවැද්දුවේ පේමරතන හිමි, 11 බුද්ධ පූජාව පස්වරු 12 – 1 පිරිත් සජ්ඣායනාව 1 – 2 දහම් දෙසුම මෙදේරිපිටියේ චන්ද්‍රවංශ හිමි 2 – 3 බෞද්ධ කථාව කේ.කේ. සුගතපාල මහතා 3.30 – 4.45 ධර්ම සාකච්ඡාව මඩවල ධම්මික ජිනවංශ හිමි, 4.45 – 5.45 දහම් දෙසුම කලුගහකඳුරේ වජිර හිමි.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.