Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

පිහිට පතයි

මොරවක අලපලාදෙණිය ලියනගෙදරවත්ත විජය නිවසේ කීර්ති කුමාර විජේසිංහ මුදලි මහතා එක්දරු පියෙකු වන අතර ඔහු වකුගඩු රෝගයෙන් පෙළෙන අතර ඒ මහතා සුවපත් කර ගැනීමට වකුගඩුවක් බද්ධ කළයුතු බව වෛද්‍ය නිර්දේශය වී ඇත.

එබැවින් ඕ පොසිටිව් වර්ගයේ වකුගඩුවක් පිරිනැමීමට කැමැති අයකු වෙතොත් 060 - 2414956, 077 - 5669997 යන දුරකතන අංක වෙත දන්වන්නැයි ඉල්ලීමක් කැරේ.

---------------------------------------------------------------------

ලග්ගල ප්‍රදේශීය ලේකම් කාර්යාලයේ පරිපාලන නිලධාරි ලෙස සේවය කරන මාතලේ හත්තොටඅමුණ අංක 118 පදිංචි ආර්. එම්. ඒ.බී. රත්නායක මහතා දරුණු වකුගඩු ආබාධයකින් පෙළෙන බැවින්, ඕ පොසිටිව් ලේ වර්ගය ඇති වකුගඩුවක් බද්ධ කළයුතු යැයි වෛද්‍ය නිර්දේශය වේ. මොහුගේ් ජීවිතය බේරාගැනීම සඳහා ඕ පොසිටිව් ලේ වර්ගය ඇති වකුගඩුවක් පරිත්‍යාග කළහැකි අයෙකු වෙත්නම් ඉහත ලිපිනයට හෝ 060 - 2664640 දුරකථන අංකයට දැනුම් දෙන ලෙස ඉල්ලා සිටී.

---------------------------------------------------------------------

මිනුවන්ගොඩ හොරම්පැල්ලේ නො. 515 බී නිවසේ පදිංචි 35 වියැති ආර්.පී.ජගත් ප්‍රසන්න මහතා සුළු ව්‍යාපාරයක් කරන දෙදරු පියෙකි. ඔහුට තයිරොයිඩ් ග්‍රන්ථියේ පිළිකාවක් වැළදී ඇති අතර ඒ සඳහා ප්‍රතිකාර කරනුයේ පිළිකා රෝග විශේෂඥ වෛද්‍ය ආර්.එස්. ජයතිලක මහතාය. ජගත් ප්‍රසන්න මහතාට කරනු ලබන අයඩීන් ප්‍රතිකාර සඳහා රුපියල් 1,52,000 (එක් ලක්ෂ පනස් දෙදහසක්) අවශ්‍ය බව වෛද්‍ය ජයතිලක මහතා නිර්දේශ කොට ඇත.

එසේම අනෙකුත් ඖෂධ සඳහා ද දිනපතා විශාල මුදලක් වැයවේ. එවැනි මුදලක් වැය කිරීමේ හැකියාව ඔහුට නොමැති හෙයින් පරිත්‍යාගශීලින්ගේ සහයෝගය බලාපොරොත්තු වේ. ඒ සඳහා මහජන බැංකුවේ මිනුවන්ගොඩ ශාඛාවේ 021 - 2 - 001 - 7 - 0001195 දරන ගිණුමට මුදල් බැර කළ හැකි බවද කියයි.

---------------------------------------------------------------------

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සම්මානිත මහාචාර්ය අනුරාධ සෙනෙවිරත්න මහතා ගිලන්ව වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටී. ඒ මහතා සුවපත් කර ගනු පිණිස ඕ පොසිටිව් රුධිර ගණයට අයත් වකුගඩුවක් අවශ්‍යව ඇත. වැඩි විස්තර 0812499268 දුරකතන අංකයෙන් දැන ගත හැකිය.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.