Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

සිවු වැනි වරටත් ප්‍රධාන ලේඛකාධිකාරි තනතුරට

බෙලිහුල්ඔය එක්සත් සුබ සාධක සංගමයේ ප්‍රධාන අනුශාසක ශ්‍රී සුවිසුද්ධාරාමාධිකාරි කොස්ගම විනීතජීව හිමියෝ සිවුවන වරටත් ඉඹුල්පේ ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ලේඛකාධිකාරි වශයෙන් නිතරගයෙන් පත්වී සිටිති.

සබරගමුව දහම් සරසවියේ කථිකාචාර්ය හිමිනමක ද වන උන්වහන්සේ ගේ ඉකුත් වකවානුවේ සිය බල ප්‍රදේශයේ දහම් පාසල් සඳහා පුටු, අල්මාරි හා පුස්තකාල ආදි පහසුකම් රාශියක් සැපිරීමට හැකි වුණේ පළාත් සභාවේ සහ මොහාන් එල්ලාවල මහතාගේ මූල්‍යාධාර සහායෙනි.

රූපවාහිනී හා ගුවන් විදුලි ධර්ම දේශකයකු, ගත් කතුවරයකු මෙන්ම රත්නපුර හා බළන්ගොඩ මාධ්‍ය සංසදයේ ක්‍රියාකාරී සමාජීක හිමිනමක වශයෙන්ද සේවාවේ යෙදෙන විනීතජීව හිමියන් එතෙර ධර්ම දුත සේවාවේද නියැලෙන ප්‍රකට යතිවරයන් වහන්සේ කෙනෙකි.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.