Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

වෙසක් පෝදා සිට මෙත්සවියෙන් නිර්මාංශ ආහාර ව්‍යාපෘතියක්

2552 වෙසක් පොහොය කේන්ද්‍ර කොට ගෙන මෛත්‍රිය පෙරටු කරගත් සත්ත්ව හිංසනය වැළැක්වීමට අනුබල දීමක් වශයෙන් ශ්‍රී ලංකාව තුළ අවශ්‍ය තරම් නිර්මාංශ ආහාර සැපයීමේ ව්‍යාපෘතියක් මෙත් සවිය සංවිධානය අරඹා ඇත.

එම නිර්මාංශ ආහාර ව්‍යාපෘතිය පිළිබඳව අදහස් දැක්වූ මෙත්සවිය සංසදයේ සභාපති විද්‍යාකීර්ති , ආචාර්ය චන්දන ජයරත්න මහතා, “ මෙම නිර්මාංශ ව්‍යාපෘතිය මගින් නිර්මාංශ ආහාර අවන්හල් ආරම්භ කිරීමට කැමති අඩු ආදායම් ලාභීන්ට රු. 50,000 ක මුදල් ආධාරයක් ලබාදීමටත් තීරණය කර තිබෙනවා. එසේම මෙම ව්‍යාපෘතියට , නිර්මාංශ ආහාර ලබාගත හැකි ස්ථාන ලෙස සලකා ජාතික පුවත්පත් වල, බෞද්ධ පුවත්පත් වල හා වෙබ් අඩවි තුළ දැන්වීම් මගින් එය ප්‍රසිද්ධ කිරීමටත් බලාපොරොත්තු වෙන බවද කීය.

එසේම මේ පිළිබඳව වැඩිදුර තොරතුරු, 0714014467 යන දුරකථන අංකයෙන්ද, 011- 2505088 යන ෆැක්ස් අංකයෙන්ද, w.w.w. methsaviya.org යන වෙබ් අඩවියෙන්ද office methsaviya.org යන විද්‍යුත් තැපෑල මගින්ද ලබා ගත හැකිවේ.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.