විද්‍යෝදය පිරිවෙනේ දී පින්කම්
			
			කොළඹ මාළිගාකන්ද විද්‍යෝදය පිරිවෙන 2552 බුද්ධ ජයන්තිය නිමිත්තෙන් මෙම 
			මස 19 සහ 20 දෙදින තුළ පින්කම් මාලාවක් සංවිධානය කොට ඇත. එදින ශ්‍රී 
			සර්වඥ භික්‍ෂා පාත්‍ර ධාතූන් වහන්සේ ප්‍රදර්ශනය කිරීම 19 සහ 20 දෙදින 
			තුළ සවස 6.00 සිට 10.00 දක්වා ප්‍රදර්ශනය කැරේ. 
			ඒ හා සමගාමීව විද්‍යෝදය පිරිවෙනෙහි ආදී කර්තෘ පණ්ඩිත ශිරෝමණී, ශ්‍රී 
			පාදස්ථානාධිපති දකුණු හා බස්නාහිර දෙපළාතේ සංඝනායක හික්කඩුවේ ශ්‍රී 
			සුමංගල නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ පරිහරණය කළ භාණ්ඩද ප්‍රදර්ශනය 
			කෙරේ. 
			එම පින්කම් මාලාව සමඟ සීල සමාදාන මහා පහන් පූජා ආදී පින්කම් පැවැත්වෙන 
			අතර පින්කම් මාලාව සංවිධානය කර ඇත්තේ ඇෆ්.ආර්. සේනානායක දහම් පාසල බව 
			විද්‍යෝදය පිරිවෙනාධිපති ගාලු බස්නාහිර දෙපළාතේ සංඝනායක බලංගොඩ සෝභිත 
			නාහිමියෝ පැවැසූහ.  |