Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ගිතෙල් පහන් දස ලක්ෂයක් දැල්වීමේ ‘දම්සක් පූජා පින්කම’

පිළියන්දල ශාන්ති විහාරාධිපති වැල්ලවත්තේ පඤ්ඤාසිරි නාහිමියන් මෙහෙයවන ගිතෙල් පහන් දස ලක්‍ෂයක් දැල්වීමේ දම්සක් පූජා වැඩසටහනේ සිව්වැනි පින්කම පිළියන්දල මාම්පේ පෞරාණික ගණේවත්ත පුරාණ දේවාලයේදී මෙම 20 වැනිදා පස්වරු 6 ට ඇරැඹේ. දෑහිතකාමී රාජ්‍ය නායකයන් ඇතුළු ලක්වැසි ජනතාවගේ ජීවිත සුරක්‍ෂිත කරමින් රටට සාමය හා සෞභාග්‍යය පතා එම පින්කම සිදු කැරෙන බව පඤ්ඤාසිරි නාහිමියෝ පවසති. නාගරික මන්ත්‍රී සමන් ප්‍රසන්න මහතා ඇතුළු ප්‍රදේශවාසීන්ගේ දායකත්වයෙන් පින්කම සිදු කැරෙන අතර එදින සිට ධර්ම දේශනා මාලාවක්ද 24 වනදා ශතාධික සංඝගත දක්ෂිණාවක්ද පැවැත්වේ .


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.