Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

අමරපුර නිකායේ උපසම්පදා විනය කර්මය

අමරපුර නිකායේ වාර්ෂික උපසම්පදා විනය කර්මය ජූලි 12 වැනි දා රද්දොළුවේ සුබෝධාරාම මහා විහාරාසන්න උදකුඛෙප සීමා මාලකයේ දී අම්බලන්ගොඩ ශ්‍රී සුමංගල මහ නා හිමියන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කිරීමට ශ්‍රී සුමංගල කාරක සංඝසභාව තීරණය කර ඇතැයි එම නිකායේ මහා ලේඛකාධිකාරී රද්දොළුවේ විමලවංස නාහිමියෝ දන්වා සිටිති.

උපසම්පදාපේක්‍ෂක ආකෘති පත්‍ර ලබාගෙන සම්පූර්ණ කර ජූනි 1 වන දාට පෙර නැවත එවිය යුතු බවද උපසම්පදාපේක්‍ෂක හිමිවරු ද උන්වහන්සේලාගේ ආචාර්යන් වහන්සේලා ද ජූලි මස 12 වැනි දා පෙරවරු 08.30 ට පෙර රද්දොළුවේ සුබෝධාරාම මහා විහාරයට වැඩම කළ යුතු බවද කියයි.

උපසම්පදාපේක්‍ෂකයන්ගේ සුදුසුකම් පිරික්සීමේ විනය පරීක්‍ෂණය ජූනි 28 වන දා පස්වරු 3 ට පානදුරේ රන්කොත් විහාරයේ දී සිදු කැරේ.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.