Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ශ්‍රී දළදා මාලිගාවේ වෙසක් පෙරහර

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ වෙසක් පෙරහර වෙසක් පුර පසළොස්වක පෝ දින පැවැත්වේ. මෙදින වෙසක් පෙරහර ශ්‍රී දළදා මාලිගාවෙන් පිටත්ව මාළිගා චතුරශ්‍රයේ ගමන් කර මහ වාහල්කඩ අබියසයෙන් ගෙවදී. ශ්‍රී දළදා මාලිගාවේ ඇත්රජා සර්වඥධාතු කරඬුව වැඩමවාගෙන මාලිගාවේ අලි ඇතුන් සමග වෙසක් පෙරහරේ ගමන් කරන අතර, පෙරහර ගමන් මාර්ගය මාලිගා චතුරශ්‍රයට පමණක් සීමා කෙරේ. මේ අතර මල්වතු අස්ගිරි මහා විහාරයන්හි උපසම්පදා පෙරහර වෙසක් පෙරහරට පෙරාතුව ආරම්භ කෙරේ.

ශ්‍රී දළදා මාලිගාවෙන් ඇරඹෙන උපසම්පදා පෙරහර දෙකේ මෙදින ආරම්භ කෙරෙන උපසම්පදා මංගල්‍යයේ වාහලනාග නාමයෙන් අධිසිල් ලබන සාමණේර දෙනම වැඩමවාගෙන මල්වතු මහා විහාරයටත් අස්ගිරි මහා විහාරයටත් ගමන් කරනු ඇත. වෙසක් පෝය දිනයෙන් ආරම්භ කරන උපසම්පදා විනයකර්ම කටයුතු පොසොන් පෝය දිනය දක්වා පැවැත්වේ. මෙදින ශ්‍රී දළදා මාලිගාවට පැමිණෙන වන්දනාකරුවන්ට මල්බෙදාදීම මහනුවර ශ්‍රී පුෂ්පදාන සමිතියෙන් සිදුකෙරෙන අතර වෙසක් දන්සැලක්ද මහමලුවේ පැවැත්වේ.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.