Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

කතරගම කිරිවෙහෙර පින්කම්

කතරගම කිරිවෙහෙර රාජ මහා විහාරස්ථානයේ වෙසක්පෝදා පින්කම් රැසක් ඌව විශ්වවිද්‍යාලයේ කුලපති කතරගම කිරිවෙහෙර රාජ මහා විහාරාධිපති උපාධ්‍යාය ආචාර්ය අලුත්වැව සෝරත නාහිමියන්ගේ අනුශාසනා පරිදි සිදු කැරේ.

එදින උදෑසන උපාසක උපාසිකාවන් අටසිල් සමාදන් කරවීම මල් පහන් පූජාවද කිරිවෙහෙර චෛත්‍ය වටා බෞද්ධ කොඩි 150 කින් යුතුව කප්රුක් පූජාව හේවිසි ශබ්ද පූජා මධ්‍යයේ සිදුකරනු ලැබේ.

විශේෂ කිරිපිඩු පූජා පින්කම හා භාවනා වැඩසටහන චෛත්‍ය මලුවේ පැවැත්වේ. මහාඝෝෂපුර මල් පෙරහර පැමිණීමෙන් අනතුරුව උදේ ධර්මදේශනාව මග්ගොන බෞද්ධ මධ්‍යස්ථාන විහාරවාසී බණ්ඩාරවෙල මහනාම හිමියන් විසින් පවත්වනු ලැබේ.

විහාරස්ථ ශ්‍රී ආනන්ද රේවත දහම් පාසල මගින් ඔසුපැන් දන්සැලක්ද පැවැත්වේ.

සවස කතරගම මහාසේන සිල් සමිතිය උපාසක උපාසිකාවන් මල්පෙරහැරකින් අෂ්ඨ ඵල බෝධීන් වහන්සේ වෙතට ගොස් විශේෂ බෝධිපූජා පින්කම පවත්වා ශ්‍රී ලංකා වාසී සැමට සෙත් පැතීම සිදුකරනු ලබයි. කිරිවෙහෙර 3 වන මලුව අබියස පහන් දස දහසක ආලෝක පූජාව පැවැත්වෙන අතර සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාව විහාරස්ථ ධර්ම ශාලාවේ පසුදා පහන්වනතුරු පැවැත්වේ.

කලුතර නීලගිරි මෝටර්ස් අධිපති අජිත් කරුණාතිලක කතරගම බෞද්ධ සංගමය මහාසේන සිල් සමිතිය ශ්‍රී ආනන්ද රේවත දහම් පාසල හා විහාරස්ථ දායක සභාව මෙම පින්කම් කටයුතු සංවිධානය කර ඇත.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.