Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ඉන්දු - ශ්‍රී ලංකා සංස්කෘතික වැඩ සටහනක් බුද්ධගයාවේදී 19 - 20 දිනවල

දහම් නැණ පුබුදුව පදනම සහ ඉන්දියානු මහා බෝධි සමාගම එක්ව ඉන්දු ශ්‍රී ලංකා සංස්කෘතික වැඩසටහනක් මෙම 19 - 20 දිනවලදී ඉන්දියාවේ බුද්ධගයා භූමියේදී පැවැත්වේ.

එම ඉන්දු ශ්‍රී ලංකා සංස්කෘතික වැඩසටහන දහම් නැණ පුබුදුව පදනම මගින් සංවිධානය කර ඇත.

මෙරට පාසල් දරුවන් හා ඉන්දියාවේ පාසල් දරුවන් සමඟ සංස්කෘතිකාංග ඇතුළත් භක්ති ගීත සන්දර්ශනයක් ජනාධිපතිතුමාට සහ වීරෝදාර රණවිරුවන්ට සෙත්පතා පැවැත්වෙන අතර අනතුරුව අධිෂ්ඨාන පූජාවක් බුද්ධගයාවේ ජයශ්‍රී මහා බෝසමිඳු අබියසදී පැවැත්වෙන බව දහම් නැණ පුබුදුව පදනමේ අනුශාසක කෑගල්ල එම්.එස්. අලුත්ගමගේ විද්‍යාලයේ ආචාර්ය ඇඹිලිපිටියේ පඤ්ඤාසාර හිමියෝ පැවැසූහ .

මහනුවර කිංස්වුඩ් කෑගල්ල සාන්ත ජෝශප් බාලිකා , කෑගල්ල එම්.එස්. අලුත්ගමගේ මහා විද්‍යාලය යන පාසල්වලින් සිසුන් 50 දෙනකු පමණ ඊට සහභාගි වන බවද පඤ්ඤාසාර හිමියෝ පැවැසූහ.

එම වැඩ සටහන සඳහා මූල්‍යමය අනුග්‍රහය කෑගල්ලේ සාමචාරිකා සංවිධානය මගින් ලබා දී ඇත.

මුදල් හා රාජ්‍ය ආදායම් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතාගේ කාරුණික අනුග්‍රහය සහ බුද්ධගයා මහා බෝධි විහාරාධිපති පැලවත්තේ සීවලී හිමියන්ගේ මග පෙන්වීමද එම වැඩ සටහන සඳහා ලැබී ඇතැයි ද පඤ්ඤාසාර හිමියෝ පැවැසූහ.

19 වැනිදා බැති ගී හා අධිෂ්ඨාන පූජාවද 20 වනදා සංස්කෘතික සංදර්ශනයද පැවැත්වෙන අතර දඹදිව නේපාලය සියලු ආගමික සිද්ධස්ථාන සහ කෞතුකාගාර නැරඹීමේ අධ්‍යාපන චාරිකාවක් සිදු කැරෙන බුදුදහම පිළිබඳව ආකල්පමය සිතිවිල්ලක් එම සිසුන් තුළ ඇති කිරීමත් එම වැඩ සටහනේ අරමුණක් බවත් උන්වහන්ස් පැවැසූහ.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.