Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

රාවණාගොඩ නන්දසාර හිමියෝ ලේඛකාධිකාරි ධූරයට

කොත්මලේ ශාසනාරක්ෂක බල මණ්ඩලයේ නව ලේඛකාධිකාරී ධූරයට රාවණාගොඩ නන්දසාර හිමියන් පසුගියදා තේරී පත්වූහ.

කොත්මලේ ප්‍රධාන අධිකරණ සංඝනායක නියන්ගම්දොර පඤ්ඤානන්ද නාහිමියන්ගේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයෙකු වන රාවණාගොඩ නන්දසාර හිමියෝ දැනට කොත්මලේ, අඹතලාව ශ්‍රී ප්‍රඥාප්‍රදීප පිරිවෙනේ පරිවෙනාධිපති වශයෙන් හා ශ්‍රී රතනපාල දහම් පාසලේ ප්‍රධානාචාර්යවරයා ලෙසද කටයුතු කරනු ලැබේ.

කොත්මලේ භික්ෂු සංගමය ආරම්භ කිරීම සඳහා පුරෝගාමීව කටයුතු කළ නන්දසාර හිමියෝ ප්‍රදේශයේ සමිති සමාගම්, ස්වෙච්ඡා සංවිධාන කීපයක විවිධ නිලතල දරමින් ප්‍රදේශයට ආගමික හා සමාජයීය වශයෙන් කරනු ලබන සේවය විශේෂයෙන් කැපී පෙනෙයි.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.