Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

සදහම් පෙරහර 26 - 31 දක්වා

සදහම් පෙරහර නමින් ආගමික වැඩ සටහනක් මෙම මැයි මස 26 වැනිදා සිට 31 වැනිදා දක්වා කොළඹ සිට අනුරාධපුර දක්වා අත්තරගම පඤ්ඤාලංකාර හිමියන්ගේ මෙහෙයවීමෙන් පැවැත්වේ.

2552 සම්බුද්ධ ජයන්තිය අනුස්මරණය කැරෙමින් පාසල් දරුවන් වෙත පොත්පත් ලබාදීමත්, මහවිලච්චිය පොලිසිය මගින් ඉදිකර ඇති සම්බුදු මැදුර වෙත බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් පූජා කිරීමත් මහවිලච්චිය පේමඩුව රජ මහා විහාරයට ශබ්ද විකාශන යන්ත්‍රයක් පිරි නැමීමත් එම පින්කම් මාලාවට ඇතුළත් වන බව අත්තරගම පඤ්ඤාලංකාර හිමියෝ පැවැසූහ.

මැයි 26 වනදා කොළඹ කොටුව බෝධි විහාරයෙන් ඇරැඹෙන එම සදහම් පෙරහර කොටුව දුම්රිය පළ අබියසදී පැයක් පමණ නතර කැරෙන අතර එතැන් සිට කොළඹ නුවර පාරේ අඹේපුස්ස ඔස්සේ පොල්ගහවෙල දක්වා ගමන් කරනු ලැබේ. එදින රාත්‍රී 7 ට පොල්ගහවෙල නගරයේදී දහම් දෙසුමක් පැවැත්වේ.

27 වැනිදා කුරුණෑගල දක්වා ගමන්කර දොරටියාව විහාරස්ථානයේදී රාත්‍රී 7 ට දහම් දෙසුමක් පැවැත්වේ. 28 වැනිදා දඹුල්ලේදී දහම් දෙසුමක් පැවැත්වෙන අතර 29 වනදා කැකිරාව මධ්‍ය මහා විද්‍යාලයට බුද්ධ වන්දනාව සඳහා බුද්ධ ප්‍රතිමා වහන්සේ (අඩි 1 ) පිරිනැමේ. එදින දහම් දෙසුමක්ද පැවැත්වේ. 30 වැනිදා රාත්‍රී අනුරාධපුර කඩපනහ නගරයේදී දහම් දෙසුමක් පැවැත්වේ. 31 වැනිදා සවස මහවිලච්චියේදි පාසල්පොත් ප්‍රදානය සිදුකැරෙන බව පඤ්ඤාලංකාර හිමියෝ පැවැසූහ.

එම සදහම් පෙරහර සඳහා කොපිපොත් ලබාදිය හැකි බවද ඒ හිමියෝ පැවැසූහ.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.