බොදු පුවත් (ඡායාරූප)
 

tr> tr>

ගලගෙදර දේදුණුපිටිය ශ්‍රී බෝධිරුක්ඛාරාමයේ අභිනව චෛත්‍ය රාජයාණන් වහන්සේ සඳහා මුල්ගල තැබීම ඉකුත් දා සිදු කැරිණි. මෙම අවස්ථාවට මකුල්දල උපරතන හිමියන් සහ ආයෝජන ප්‍රවර්ධන හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා සහභාගි වූ අයුරු .

ඇඹිලිපිටිය හිඟුරෙආර ශ්‍රී බෝධි රාජ ධර්මායතනයේ ශ්‍රී බෝධි රාජ දහම් පාසලේ 45 වැනි සංවත්සරය, උළෙලට ප්‍රධාන ආරාධිත අමුත්තන් වශයෙන් සහභාගි වීමට පැමිණි ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග, මහාභාරකාර ජේ.පී.ජේ.එම්. බණ්ඩාර යන මහත්වරුන් ජාතික කොඩිය හා බෞද්ධකොඩිය එසවීමෙන් පසුව දහම් පාසලේ සිසුන් විසින් පිළිගැනීමේ ගීතය ගායනා කොට මහත් හරසරින් පිළිගත් අයුරුයි මේ. ධර්මායතනයාධිපති ජාතික හෙළ උරුමයේ මහලේකම් ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝද මෙහි වෙති.
සේයාරූ - හම්බන්තොට දිස්ත්‍රික් සමූහ, පී.ඩබ්ලිව්. කොඩිතුවක්කු

පොලොන්නරුව ගිරිතලේ අග්‍රබෝධි විහාරස්ථානයේ අග්බෝ දහම් පාසලේ වාර්ෂික ත්‍යාග ප්‍රදානය පසුගිය 09 වැනි දා සිදු කරන ලදී. එම සිසුන් සඳහා පානදුර, පරත්ත, චිත්තභාවනා මධ්‍යස්ථානයෙන් පාසල් බෑග් හා සුදුරෙදි තොගයක් පරිත්‍යාග කරන ලදී. චිත්තභාවනා මධ්‍යස්ථානාධිපති, ශාස්ත්‍රපති දොඩන්දූවේ සිරිකර නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති එම උත්සවයේ දී දහම් පාසලේ දක්‍ෂම ශිෂ්‍යාව ලෙස සම්මාන ලැබූ ජී.එච්. සිතාරා නිමන්ති ශිෂ්‍යාව සිරිකර නාහිමියන් අතින් ත්‍යාග ලැබූ අවස්ථාව. අග්‍රබෝධි විහාරාධිපති, දහම් පාසලේ ප්‍රදානාචාර්ය, අධ්‍යාපනපති වරදිවෙල ධම්මාරාම නාහිමියෝ ද මෙහි වෙති.

සමස්ත ලංකා දහම් පාසල් දින සිසු නිපුණතා අගැයීම් තරගයෙන් කටාන මීගමුව ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩලයේ ජයග්‍රාහක සිසු සිසුවියන්ට ත්‍යාග හා සහතික පත් ප්‍රදානය රද්දොළුගම කනිටු විදුහලේ පැවැති අවස්ථාවේ ප්‍රායෝගික දැනුම දෙවැනි ශ්‍රේණියේ තරගයෙන් ප්‍රථම ස්ථානය දිනාගත් මඩවල ශ්‍රී බෝධි දහම් පාසලේ පී.එච්. කවිදු සත්සර ද සිල්වා සිසුවා කටුනායක සීදුව නගර සභාවේ සභාපති ඩිනල් පෙරේරා මහතා අතින් ත්‍යාගය හා සහතික පත ලබාගත් අයුරු. ඡායාරූපය හා සටහන,නිශ්ශංක පියරත්න සීදුව සමූහ