Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

අළුවිහාරේ විමලරතන නා හිමියෝ සන්නස් පත්‍ර ලබති

ධර්මකීර්ති ශ්‍රී ධම්මානන්ද යන ගෞරව නාමය සහිතව උතුරු මධ්‍යම දිසාවේ හුරුළු පළාතේ ප්‍රධාන සංඝනායක ධූරයෙන් පිදුම් ලද තිරප්පන්කඩවල රජමහ විහාරාධිපති හොරොව්පතාන ශ්‍රී සිර්ධාර්ථෝදය පරිවෙනාධිපති ශාසනාරක්ෂක මණ්ඩලයේ ලේඛකාධිකාරි ගෞරව ශාස්ත්‍රවේදී අළුවිහාරේ විමලරතන හිමියන් වෙත සන්නස් පත්‍රය පිළිගැන්වීමේ උත්සවය මැයි මස 04 දින පස්වරුවේ හොරොව්පතාන තිරප්පන්කඩවල රජමහ විහාරස්ථානයේදී පැවැත්වීමට නියමිතව තිබිණි.

එම නා හිමියන්ට මෙම ගෞරව නාම හා හුරුළු පළාතේ සංඝනායක පදවිය පිරිනමා ඇත්තේ ශ්‍යාමෝපාලි වංශික මහ නිකායේ මහානායක ස්වාමීන්ද්‍රයන් ප්‍රමුඛ සානුනායක කාරක මහා සංඝ සභාව මගිනි එදින අභිනව පදවි ප්‍රාප්තියට පත් නා හිමියන් පිළිගැනීමේ පෙරෙහර හොරොව්පතාන ශ්‍රී සිද්ධාර්ථෝදය පිරිවෙන් විහාරස්ථානයේ සිට තිරප්පන් කඩවල රජමහ විහාරස්ථානය දක්වා පැවැත්වේ. එම උත්සවයට තෛ‍්‍ර නිකායික මහා නාහිමිවරුද රාජ්‍ය නිලධාරින් හා මැති ඇමතිවරු ඇතුළු ප්‍රදේශයේ විවිධ සංවිධාන රාශියක් සහභාගි වන බව උත්සව කමිටුවේ ලේකම් ඉලුක්කුඹුරේ ආනන්ද හිමියෝ පැවසූහ .


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.