Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

මහාචාර්ය කුඹුරුගමුවේ වජිර නා හිමි උපහාර උත්සවය

සබරගමු විශ්ව විද්‍යාලයේ කුලපති මහාචාර්ය කුඹුරුගමුවේ වජිර නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගෙන් සම්බුද්ධ ශාසනයට, අධ්‍යාපනයට, සමාජ ප්‍රගතියට හා සාම ක්‍රියාදාමයට සිදු වී ඇති උදාර මෙහෙවර අගය කිරීම පිණිස විශ්වවිද්‍යාල මහාචාර්ය වරුන්ගේ මෙහෙයවීමෙන් ශාස්ත්‍රීය සංග්‍රහයක් සම්පාදනය කොට පිළිගැන්වීමට විධි විධාන යොදා ඇත. එසේම මේ වන විට ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය උන්වහන්සේගේ සේවය අගය කොට සාහිත්‍ය චක්‍රවර්තී උපාධියෙන් සම්මාන කොට තිබේ.

මහාචාර්ය කුඹුරුගමුවේ වජිර නාහිමියන්ගේ 76 වන ජන්ම දිනයද ලබන මැයි මාසයට යෙදී ඇත.

මෙම උපහාර උත්සවය 2008 අප්‍රේල් මස 30 වෙනි දින සවස 3.00 ට බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වීමට නියමිත ය.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.