Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

පිහිට පතයි

කඩවත රාගම පාරේ වීරව පෙදෙස නො 90/30 නිවසේ පදිංචි එන්. ජී. ඒ කීර්තිරත්න මහතා දරුණු වකුගඩු රෝගයකින් පසුවන බව මහනුවර මහ රෝහලේ වකුගඩු රෝග ඒකකයේ විශේෂඥ වෛද්‍ය නිගමනය වී ඇත.
ඒ මහතාට “ඕ නෙගටිවි හෝ බී පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් බද්ධ කිරීමට සිදු වී ඇති බැවින් එම වර්ගයේ වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමැති භික්‍ෂූන් වහන්සේ නමක් හෝ වෙනත් අයෙකු සිටිනම් පහත සඳහන් 10/4 ජය මාවත වටපුළුව මහනුවර ලිපිනයෙන් හෝ 077 2927124 හෝ 0777302296 දුරකථන අංකවලට දැනුම් දෙන්නැයි ඉල්ලීමක් කැරේ.

###############################

කොළඹ 15 මට්ටක්කුලිය, සමිට්පුර, ටී 111 පදිංචි නවෝද්‍යා රසාංගනී හෙට්ටිආරච්චි නමැති අවුරුදු 2 ක් වයසැති කුඩා ළැදැරිය ශ්‍රව්‍යාබාධිත හා කථා කිරීමට අපහසු තත්ත්වයකින් පෙළෙන බැවින් එම බිළිඳියට ශල්‍ය කර්මයක් කිරීමට අවශ්‍ය බව වෛද්‍ය නිගමනය වේ. ඒ සඳහා විශාල මුදලක් වැයවන බවද පැවසේ. ආර්ථික අපහසුතා මැද දිවි ගෙවන ඇයගේ දෙමව්පියන්ට මෙතරම් මුදලක් සොයා ගැනීමට නොහැකි නිසා පරිත්‍යාගශීලීන්ගේ ආධාර පතා මහජන බැංකුවේ මෝදර ශාඛාවේ ඉසුරු උදාන ළමා ගිණුම් අංක 214-2001-7- 5040468 දරන ගිණුමක් ආරම්භ කර ඇති බවද පැවසේ.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.