Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

බොරැල්ලේ ගෝතමී විහාරය

බොරැල්ලේ ගෝතමී විහාරයේ බක් පොහොය නිමිත්තෙන් පින්කම් රැසක් පැවැත්වීමට විහාරාරක්‍ෂ දායක සභාව සහ ආර්ය මහිලා සමිතිය කටයුතු යොදා ඇත. සීල සමාදානය හා තෙරුවන් ගුණ භාවනාව තෙල්වත්තේ අචලනාග හිමි, භාවනාව මෙහෙයවීම මෙදෙරිපිටියේ චන්ද්‍රවංස හිමි, පෙරවරු 10 – 11 ධර්ම දේශනාව ශාස්ත්‍රපති යටිහාගල විජිතරතන හිමි, පස්වරු 1.30 ට ධර්මදේශනාව රාජකීය පණ්ඩිත මරදන්කඩවල සෝභිත හිමි 3 – 4 ධර්මදේශනාව ශාස්ත්‍රපති බොරලන්දේ විමලතිස්ස හිමි, 4.30 ට ධර්ම සාකච්ඡාව කණ්ඩලමේ අමිතවංශ හිමි, පස්වරු, 6.00 ට අටවිසි බුද්ධ පූජාව දොළොස්බාගේ සාන්තනාග හිමි මෙහෙය වනු ලැබේ. මීට සමගාමීව නොමිලයේ ‘බුදුසරණ’ පුවත්පත බෙදාදීම හසිත දියබලනගේ සහ තිලංක දියබලනගේ සොහොයුරන් විසින් සිදු කරනු ලැබේ.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.