Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

කුප්පියාවත්තේ ජයශේඛරාරාමයේ දී සීල භාවනා වැඩසටහන් මාලාවක්

කොළඹ 10, කුප්පියාවත්තේ ශ්‍රී ජයශේඛරාරාමයේ දී සීල භාවනා වැඩසටහන් මාලාවක් බක් පුර පසළොස්වක පොහෝදා විහාරාධිපති සල්පිට හේවාගම් දෙකෝරළයේ ප්‍රධාන අධිකරණ සංඝනායක ත්‍රිපිටකාචාර්ය තලල්ලේ මහින්ද නාහිමියන්ගේ අනුශාසනා පරිදි පැවැත්වේ. එදින පෙරවරු 6.00 – 6.30 සීල සමාදානය හා කෙටි අනුශාසනාව මෙහෙයවීම විහාරාධිකාරී රජවත්තේ වප්ප හිමි, 7.00 – 7.30 සම්බුද්ධ පූජාව හා තෙරුවන් වන්දනාව මෙහෙයවීම තලල්ලේ මහින්ද නාහිමි, 8 – 9 ශාස්ත්‍රපති රජවත්තේ වප්ප හිමියන් මෙහෙය වන භාවනා වැඩසටහන, 9.15 –10.15 ධර්මානුශාසනාව තලල්ලේ මහින්ද නාහිමි, 10.15 –11.00 සම්බුද්ධ පූජාව මෙහෙයවීම තලල්ලේ ධම්මදේව හිමි, 12.30 – 1.00 සෙත් පිරිත් සජ්ඣායනාව විමලදාස පෙරේරා උපාසක මහතාගේ ප්‍රධානත්වයෙන් 1 – 2 උපාසක උපාසිකා සමිතියේ මාසික රැස්වීම 2.15 –3.00 භාවනා වැඩ සටහන මෙහෙයවීම තලල්ලේ මහින්ද නාහිමි, 3.15 – 4.15 ධර්මානුශාසනාව වතුරලියද්දේ රතනසීහ හිමි, 4.30 – 5.30 ධර්මානුශාසනාව ඇත්කඳුරේ, සුමනසාර හිමි, 6.00 ට සිල් පවාරණය, 7.00 – 7.30 ගිලන්පස සම්බුද්ධ පූජාව මෙහෙයවීම ගැට්ටුවානේ සුමේධ හිමි, 7.30 – 8.30 දහම් දෙසුම කොරොසේ මහින්ද හිමි.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.