Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

සරණංකර නා හිමි ගුණ සමරුව දා සගම රජ මහා විහාරයේ දී පින්කම්

පාතහේවාහැට සගම රජ මහා විහාරය, මුල්ගම පුරාණ විහාරය, පල්ලෙ දෙල්තොට ගල්කැටිය විහාරය, මුදුනකඩේ බෝධිරාජාරාමය මහනුවර උඩවත්ත කැලේ රාම විහාරය සහ ශි‍්‍රයාගම අභිනවාරාමය යන විහාරයන්හි අධිපතිව වැඩ විසූ අපවත් වී වදාළ ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ මහෝපාධ්‍යාය මංගල ධර්මකීර්ති ශ්‍රී ගුණරතන නාපහන්ගම සරණංකර නාහිමියන්ගේ තෙමස් පූර්ණ ගුණ සමරු පින්කම මෙම 17 වැනිදාට යෙදී ඇත.

ඒ නිමිත්තෙන් සගම රජ මහා විහාරයේ දී එදින රාත්‍රී පරිත්‍රාණ ධර්ම දේශනාවක් ද පසුදා ශතාධික මහ සඟරුවන විෂයෙහි සපිරිකර සංඝගත දක්‍ෂිණාවක්ද පැවැත්වේ.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.