Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

රුහුණු කතරගම දේවාලයේ අවුරුදු මංගල්‍ය පෙරහර

රුහුණු කතරගම මහාදේවාලයේ වාර්ෂික අවුරුදු මංගල්‍ය පෙරහර අප්‍රේල් 14 දින රාත්‍රී සුබ නැකැත් අනුව පැවැත්වේ. උඩරට, පහතරට මෙන්ම ලංකාවේ විවිධ කලායතනවල නැටුම් කණ්ඩායම් හා අලි ඇතුන්ගෙන් යුතුව පෞරාණික චාරිත්‍ර වලට මුල් තැනක් දෙමින් අලංකාර අන්දමින් පෙරහර පැවැත්වීමට ජනාධිපති පෞද්ගලික ලේකම් රුහුණු කතරගම මහා දේවාලයේ බස්නායක නිලමේ ශෂීන්ද්‍ර කුමාර රාජපක්‍ෂ මහතා කටයුතු සංවිධානය කර ඇත.

පූජා නගරයේ පෙරහර ගමන් කරන වීදි ෂඩ්වර්ණ විදුලි බුබුළුවලින් ආලෝකමත් කර බෞද්ධ කොඩිවලින් සරසනු ඇත. පෙරහර සමයේ පුදබිමට පැමිණෙන බැතිමතුන්ට අවශ්‍ය පහසුකම් සැලසීමට කතරගම ප්‍රාදේශීය සභාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය නාගරික සංවර්ධන අධිකාරිය භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය හා කතරගම පොලිසිය කටයුතු සම්පාදනය කර ඇත.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.