Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

හිස තෙල් ගෑමට තෙල් පිරිත් කිරීම අලුත් අවුරුදු උදාවත් සමඟ ඇරැඹේ!

සිංහල අලුත් අවුරුද්දේ අප්‍රේල් 16 වැනිදාට යෙදී ඇති හිසතෙල් ගෑමේ චාරිත්‍රය නිමිත්තෙන් ඖෂධ සංයෝගයෙන් සකස් කරනු ලබන හිසතෙල් ගිරිමානන්ද සූත්‍රයෙන් පිරිත් කිරීම අලුත් අවුරුදු උදාවත් සමඟ අප්‍රේල් 13 වැනිදින ආරම්භ කෙරේ. තුන්තිස්පැයක් මෙසේ පිරිත් කිරීම, දහවෙනි වතාවටත් සිදුකරනු ලබන්නේ, අස්ගිරිය විජයසුන්දරාරාම පුරාණ විහාරයේ රාජකීය පණ්ඩිත අමුනුපුර පියරතන හිමියන් විසිනි.

පිරිත් කරනු ලබන හිසතෙල් බෙදාදීම අප්‍රේල් 15 වෙනි දින සිදු කෙරෙන අතර තෙල් ගෑම අප්‍රේල් 16 වෙනි බදාදා පූර්වභාග 7.42 ට නැගෙනහිර දිසාව බලා හිසට කොහොඹ පත්ද පයට කොලොන් පත්ද තබා කහමිශ්‍ර කොළ පැහැති වස්ත්‍රාභරණයෙන් සැරැසී තෙල් මිශ්‍ර ඖෂධීය නානු ගා ස්නානය කිරීම ශුභ බව අවුරුදු චාරිත්‍රවල සඳහන් ය.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.