UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

ඔබ අපේක්ෂා කරන දේ ඔබත්  ලොවට දෙන්න

ඉපදුණු ලෝකය ලස්සන වන්නට අවශ්‍ය වන එකම දෙය, ආදරයයි. එය දෙන දෙයක් මිස බලෙන් ලබා ගත හැකි දෙයක් නොවේ. එය අවංකව ලබා දුන් විට තමාට ද ආදරය නො අඩුව ලැබේ. ආදරය පරිපූර්ණ වනුයේ, කරුණාවෙනි. ඒ තුළ වෛරය, ක්‍රෝධය වැනි හානිකර කිසිවක් නැත. සමාජයේ බහුල ලෙස දැකිය හැකි වනුයේ, කරුණාව නොමැති ආදරයකි. එය මහා හානිකර කෑදරකමකි. ඒකාධිපති ආදරයකි. එහි හිංසාව මුල්ව පවතී. තමා බලාපොරොත්තු වුණු දෙය නොලැබීමෙන් වෙඩි තැබීම් පිහි ඇනුම්. වස පානය කිරීම් ආදි ශෝචනීය සිදුවීම් අසන්නට ලැබේ. නියම ආදරය යනු ජාති, ආගම් බෙදීම් වලින් තොරව ගහකොළ ඇතුළු සියලු සත්වයන්ට නියම අයුරින් ආදාරය කිරීමයි.

ඔබ යමකට යම් කෙනෙකුට ආදරය පිරිනමනුයේ යම්තාක්ද එයට වැඩි ආදරයක් ඔබට ලැබෙනු ඇත. පොත පතට , සාහිත්‍යයට ආගමට දහමට ආදරය නොකරන බොහෝ පිරිස් වල්මත් වී ඇත. ඔවුන් ආදරය කරනුයේ තාවකාලීක වින්දනයක් ලැබීමට පමණකි. ආදරය තාවකාලික දෙයක් නොව දීර්ඝකාලීන ව්‍යාපෘතියකි.

ඇතැම්හු ජීවිතය පුරාම ආදරය කරති. ලබති සසර පුරා ද එය ලැබීමට ප්‍රාර්ථනා කරති.

නකුල මාතාව හා නකුල පිතා යනු අවංක ලෙස ආදරය කළ පිරිස අතර මූලිකව සඳහන් වන දෙපළකි. ඔවුන් වසර අසූවක් ජීවත්ව බුදුන් වහන්සේ හමුවේ තමන්ගේ ජීවිත පිළිබඳ අතීත ආවර්ජනයක්ද කරමින්, අනේ ස්වාමිනි අප සසරද එක්ව උපදින්නට කැමැති වෙමි. යනුවෙන් ප්‍රකාශ කිරිම වර්තමාන සමාජයටද කොතරම් ආදර්ශයක් ද? ආදරය ඇති වනුයේ සාහිත්‍ය ඥානය , ආගම දහම පිළිබඳ දැනීම තුළිනි. එවිට ඉවසීම, හුරුවනු ඇත. නූතනයේ ආදරවන්තයින් ළඟ ඉවසීම කිසිසේත්ම නැත. ඔවුන්ගේ ඇත්තේ මහා කලබලයකි. එබැවින් පැරැණි සමාජයේ පණිවිඩය ලබා දීමට වෙහෙසවිය යුතුය.

පෙර කාලයේ අදහස් ප්‍රකාශ කිරීම සඳහා ලිපි සංදේශ, කාව්‍ය කරණය ආදිය යොදා ගනිමින් ඉතා නිර්මාණශිලි ආදරයක් ඔවුන් ප්‍රකාශ කළ අතර ඒ තුළ ඉවසීම අසීමිතව තිබිණි . දැන් ඒ කිසිවක් නැත. ලබා ගැනීමට වේලාවක්ද නැත. අවශ්‍යතාවක්ද නැත. ආදරය අහිමි වුවහොත් ලැබෙනුයේ පිහි පාරයි.

සැබෑ ආදරවන්තයාතමාට නොලැබුණු මුත්, ආදරයේ අඩුවක් නොකරයි. “කරුණා සීතල හදයං “ යනුවෙන් දේශනාවේ සඳහන් පරිදි හදවත සිසිල් කරගත යුත්තේ කරුණාවෙනි. සමාජයට පිවිසෙන සියලු පිරිසට ආදරය කරුණාව මූලිකව ලැබිය යුත්තේ තම නිවසෙනි. එවිට ඉවසිලිවන්ත නිර්මාණශීලි පිරිසක් සමාජයට ලැබෙනු ඇත. සමාජයේ මහමග යනෙන අපට බොහෝ විට ඇති වනුයේ පිළිකුළකි. ආදරය කරන බව පෙන්වන ඇතැම් නොහික්මුණු පිරිස් මහ මග යන්නේ කොතරම් අශෝභන අයුරින්ද තමාගේ ආගමට ජාතියට රටට යම් සංස්කෘතියක් ඇති බව ඔවුහු නොදනිති. ප්‍රසිද්ධ ස්ථානවල අශෝබන අයුරින් ඔවුහු කටයුතු කරති.

එසේ වනුයේ ඔවුන් වෙත ගෙදරින් පාසලෙන් පරිසරයෙන් ආදරය නොලැබීම නිසාය. ඔවුන් බිය වනුයේ බාහිර ලෝකයෙන්ද එය තමන්ට අහිමි වේය යන අදහස නිසයි. ආදරය මනුෂ්‍යයාට පමණක් නොව සතුන්ට හා ගහකොළ වලටද අවශ්‍යය. ඒවාද වැඩෙන්නේ අප ආදරය කරන ප්‍රමාණයට බව සොයා ගෙන ඇත.

එබැවින් ඔබ ආදරය අවංකව ලබා දෙන්න. එවිට ආදරය විසින් ඔබ ද රකිනු ඇත. ධමේමා හවෙ රක්ඛති ධම්මචාරි “ යන්න ලෝකයට ආදරය උගන්වන ධර්ම පාඨයකි. පළමුව අපි ධර්මය ආරක්ෂා කළ යුතු ය. එවිට ධර්මය අප ද ආරක්ෂා කරනු ඇත.

ආදරයද එසේමය. සතා සිවුපාවුන්ට ගහට කොළට මම ආදරය කරමි. එමගින් මා ලබනුයේ අසීමිත සතුටකි. පාළුව කාන්සිය ද එමගින් දුරුව යනවා ඇත. නූගත් සමාජය ආදරය ලෙස සිතා සිටිනුයේ ගැහැණියක් පිරිමියකුට හා පිරිමියෙක් ගැහැණියකුට කරන ආදරය පමණි.

සිඟාලෝවාද සූත්‍රයේ සමාජයේ සෑම අංශයකම පැවතිය යුතු ආදරයේ ස්වභාවය විස්තර කර ඇත. දෙපිරිසෙන් සිදුවිය යුතු යුතුකම් ආදරය ලෙස දකිමි. මවුපියන්ගෙන් දරුවන්ටත්, දරුවන්ගෙන් මවුපියන්ටත් ආදරය හිමි විය යුතු බැව් යුතුකම් තුළින් එහි පෙන්වා ඇත.

සේවක - සේව්‍ය, ගුරු - සිසු ආදී සෑම සමාජ ක්ෂේත්‍රම ඇතුළත් කර ඇති බැවින් එම සූත්‍රය “ ගිහි විනය “ යනුවෙන් හඳුන්වති. සමාජයට සැබෑ ලෙස ආදරය කිරීමට කැමති සියල්ලෝම සිඟාලෝවාද සූත්‍රය බලත්වා !

ආදරය යනු, දෙන දෙයක් මිස ලබා ගත හැකි දෙයක් නොවන බවත් එසේ කරනවිට තමාට නොඅඩුව ආදරය ලැබෙන බවත් එමගින් පැහැදිලි කෙරේ.

මැදින් අමාවක පෝය

    අපේ‍්‍රල් 05 වැනිදා සෙනසුරාදා අපර භාග 12.22 ට ලබයි.
අපේ‍්‍රල් 06 වැනිදා ඉරිදා පූර්ව භාග 09.25 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම අපේ‍්‍රල් 05 වැනිදා සෙනසුරාදාය.

මීළඟ පෝය අපේ‍්‍රල් 12 වැනිදා සෙනසුරාදාය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

අපේ‍්‍රල් 05

First Quarterපුර අටවක

අප්‍රේල් 12

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 19

Second Quarterඅව අටවක

අප්‍රේල් 28

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]