UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

පිහිට පතයි

කටාන නැ/ කළුවාරිප්පුව නො.99 පදිංචි ජයකොඩි ආරච්චිගේ නයනි ශානිකා කුමාරි වකුගඩු ආබාධයෙන් පෙළෙන බැවින් ලේ පිරිසුදු කිරීමේ ප්‍රතිකාරයෙන් පසු වකුගඩුවක් බද්ධ කළ යුතුයැයි වෛද්‍ය නිර්දේශය වේ. එබැවින් ඕ පොසිටිව් ලේ වර්ගයේ වකුගඩුවක් පිරිනැමීමට කැමැති අයකු වෙතොත් ඉහත ලිපිනයට හෝ 0315683112 හෝ 0785263908 දුරකතන අංක වෙත දන්වන්නැයි ඉල්ලීමක් කැරේ.

##############

කොළොන්න ගඟෙන්එගොඩ රෝහල පාරේ කේ.ඩබ්. සිරිපාල මහතාගේ වකුගඩු දෙකම අක්‍රිය බැවින් වකුගඩුවක් බද්ධ කළ යුතු යැයි වෛද්‍ය නිර්දේශය වී ඇත. ඒ සඳහා බී නෙගටිව් වර්ගයේ වකුගඩුවක් පිරිනැමීමට කැමැති අයෙකු වෙතොත් ඉහත ලිපිනයට හෝ 0602460211 හෝ 07776170624 දුරකතන අංක වෙත දන්වන්නැයි ඉල්ලීමක් කැරේ.

#################

වෙන්නප්පුව හාල්දඬුවන - දංකොටුව ලිපිනයේ පදිංචි බර්නි දබරේරා මහත්මිය (56) ඉතා දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන හෙයින් ඇයට “ ඒ” පොසිටිව් හෝ “ ඕ” පොසිටිව් වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතු යැයි ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ වෛද්‍ය නිර්දේශය වී ඇත. එවැන්නක් බද්ධ කරනතෙක් මසකට රු. 50,000 /- ක පමණ මුදලක් ප්‍රතිකාර සඳහා ද වැය වනු ඇතැයි දන්වා ඇත. එම ශල්‍යකර්මය කඩිනමින් කළ යුතුව ඇති හෙයින් ඒ සඳහා පරිත්‍යාගශීලියකුගේ පිහිට පතන බවද ඇගේ සැමියා වන රෙක්ස් අල්විස් මහතා කියයි. ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ දී සිදු කිරීමට නියමිත එම ශල්‍යකර්මය සඳහා විශාල මුදලක් වැයවන බවද වෛද්‍ය වාර්තාවල සඳහන්ය. වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමති අයෙක් වෙතොත් ඉහත ලිපිනයට අමතන්නැයි ඉල්ලා සිටින රෙක්ස් අල්විස් මහතා, පරිත්‍යාගශීලින්ගේ ඉල්ලීම් වෙනුවෙන් කොච්චිකඩේ මහජන බැංකුවේ ඔහු නමින් ගිණුම් අංක : 142200130012598 යටතේ ඉතිරි කිරීමේ ගිණුමක් විවෘත කර තිබේ.

මැදින් අමාවක පෝය

    අපේ‍්‍රල් 05 වැනිදා සෙනසුරාදා අපර භාග 12.22 ට ලබයි.
අපේ‍්‍රල් 06 වැනිදා ඉරිදා පූර්ව භාග 09.25 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම අපේ‍්‍රල් 05 වැනිදා සෙනසුරාදාය.

මීළඟ පෝය අපේ‍්‍රල් 12 වැනිදා සෙනසුරාදාය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

අපේ‍්‍රල් 05

First Quarterපුර අටවක

අප්‍රේල් 12

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 19

Second Quarterඅව අටවක

අප්‍රේල් 28

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]